කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනයට අනුමැතිය
අමාත්‍ය මණ්ඩලය විසින් වැඩබලන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා යෝජනාව අනුමත කර තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ විකල්ප රැකවරණ අවශ්‍යතා ඇති සියලු ළමුන් ආවරණය වන පරිදි කැපකරු මාපිය රැකවරණය පිළිබඳ විධිමත් නෛතික ප්‍රතිපාදනයක් මේ වන විට ක්‍රියාත්මක නොවන බැවින් කාලීන අවශ්‍යතාවක් බවට පත් වී ඇති පවුල්පාදක විකල්ප රැකවරණ ක්‍රමයක් වන පෝෂිත රැකවරණ (කැපකරු මාපිය ක්‍රමය) සංකල්පය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කැපකරු මාපිය රැකවරණ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.
එම යෝජිත යාන්ත්‍රණය මඟින්, කැපකරු මාපිය රැකවරණය ස්ථාපිත කිරීම සහ දුරස්ථ මාපිය රැකවරණ සහාය යන ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ රැකවරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර එම සංකල්ප පත්‍රිකාව මත පදනම්ව මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.
2025.09.08 වනදා පැවැත් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී එළඹුණ තීරණ දැනුම්දීමේ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.










