හදීසි මෙහෙයුමක් අපරාධකරුවන් 28ක් පොලිස් දැලේ

Report

ඊයේ (08) දින දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ පොලිසියේ නිලධාරින් එකසිය පනස් හත් දෙනෙක් යොදවාගෙන ඊයේ (08) පැය හතරක දී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් 28 දෙනකු වැලි, ගංජා, අයිස් ,හෙරොයින්, ආදී වැරදිවලට අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් .එස් .කේ .වික්‍රමනායකගේ උපදෙස් පරිදි දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. එම්. එන් චන්ද්‍රසේකරගේ මෙහෙය වීමෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මෙම මෙහෙයුම ක්‍රියාත්මක කල අතර එම මෙහෙයුමෙන් ප්‍රමාණයට වඩා වැලි පටවා ප්‍රවාහනය කරමින් තිබූ වැලි ටිපර රථ පහක් සහ එම රථවල අමතර විවිධ කොටස් සවිකර තිබීම යන චෝදනා යටතේ ඒවා අත් අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම පොලිසිය පවසන්නේ දඹුලු ඔය ජලාශයේ අනවසරයෙන් වැලී ගොඩ දැමීමේ ක්‍රියාවලියක නිරතව සිටි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දඹුල්ල මහ නගර සභාව සඳහා පොදු පෙරමුණ පක්ෂය‍යේ අපේක්ෂකයෙකු ව සිටි පුද්ගලයකු ට්‍රැක්ටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බවයි.

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

එහිදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් අට දෙනකු, අයිස් මත්ද්‍රව්‍ය තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, ගංජා මත්ද්‍රව්‍ය තබාගෙන සිටි පුද්ගලයකු, වරෙන්තුකරුවන් දෙදෙනකු සහ විවිධ චෝදනා යටතේ සැකපිට පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයන් සහ භාණ්ඩ වාහන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට 09 දින ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි