කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

Report

ඊයේ (8) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් පෞද්ගලික බස් රථයක ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුවියකර ලිංගික හිංසාවක් කිරීම හේතුවෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

මෙම පුද්ගලයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කපිල ප්‍රසාද් ප්‍රේමචන්ද්‍ර නම් අයෙකු වන අතර කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණට පවසා සිටියේ අදාළ ශිෂ්‍යාව කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 27 හැවිරිදි තරුණියක් බවත් ඇය පසුගිය දිනක හොරණ ප්‍රදේශයේ සිට කොළඹ විශ්ව විද්‍යාලය බලා පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී ඇය සිටි අසුනට පසුපස අසුනක සිටි සැකකාර පුද්ගලයකු ඉතා සූක්ෂම ආකාරයෙන් පැමිණිලිකාර තරුණියගේගේ පසුපස පෙදෙස අවස්ථා කිහිපයකදී මිරිකා ඇති බවයි.

රටම අදුරට යන ලකුණු - විදුලි බල මණ්ඩලයෙන් රතු එළියක්

රටම අදුරට යන ලකුණු - විදුලි බල මණ්ඩලයෙන් රතු එළියක්

සිද්ධියෙන් අපහසුතාවයට පත් පැමිණිලිකාර ශිෂ්‍යාව තමන්ට සිදුව ඇති අතවරය සම්බන්ධ⁣යෙන් බස් රථය තුළ හඬ නගා ප්‍රකාශ කළ අවස්ථාවේ එම රථයේ සිටි සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙකු ඇතුළු පිරිසක් සැකකාර පුද්ගලයා අල්ලාගෙන කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරින ලෙසට නියෝග කල අතර සිද්ධියට අදාල නඩුව දෙසැම්බර් මස 01 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි