කෝටි ගණනක අයිස් රසායනික තොග - රේගුවෙන් ලිස්සා ගියේ කෙසේද? පරීක්ෂණ ඇරඹේ
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් කොළඹ වරායෙන් ඉකුත් ජනවාරි 27 වැනිදා නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රේගුවේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ, මෙම පරීක්ෂණයේ තොරතුරු ඉදිරි දිනවලදී මාධ්‍ය හරහා හෙළි කරන බවයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලාශ්‍ර පවසයි.
මීට අමතරව, කඳාන ප්‍රදේශයේ නිවසකින් සහ ඒ ආසන්න වගුරුබිමකින් අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තහවුරු කිරීමට කටයුතු කරමින් පවතී.
එසේම, මිද්දෙණියේ ඉඩමක වළලනු ලැබ තිබූ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් සහ නෙටොල්පිටියෙන් ඒ හා සමාන තොගයක් සොයා ගැනීමෙන් මෙම ජාවාරමේ ව්‍යාප්තිය තවදුරටත් හෙළි වී තිබේ. මිද්දෙණියේ රසායනික ද්‍රව්‍යවල සාම්පලවල අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇත.