ආබාධිත රණවිරුවන් 55න් මිය ගියොත් විශ්‍රාම වැටුප ළඟම ඥාතීන්ට
මෙවන විට වෛද්‍ය මණ්ඩලයෙ නිර්දේශයන්ට අනුව රාජකාරියෙන් ඉවත් වී සිටින ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් සහ ස්ථාවර දීමනා ඔවුන් වසර පනස් පහකින් පසුව මියගියහොත් ඔවුන්ගේ ළඟම ජාතීන්ට ලබාදීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
මේ බව සඳහන් කරේ නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදීය.ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඒ ගැන ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රගීත් මධුරංග මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. ඵම මන්ත්‍රීවරයා අසා සිටියේ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව ආබාධිත රණවිරුවන් රාජකාරියේ යෙදෙන්නේ නැති වුවත් ඔවුන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප වසර 55 වනතුරු ලැබෙන බවත් අවුරුදු 55ට පෙර ඔවුන් මියගියහොත් ඔවුන්ගේ ළඟම ඥාතීන්ට එම විශ්‍රාම වැටුප සහ ස්ථාවර දීමනාව ලැබෙන බවයි.