මේ දිස්ත්රික්කවල ජනතාව ප්රවේශම් වන්න - නායයෑමේ අනතුරු ඇඟවීම් අලුත් කරයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (22) පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (23) පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව, අනතුරු ඇඟවීමේ
දෙවැනි මට්ටම (ඇම්බර්)
යටතේ කළුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් නම් කර තිබේ.
එමෙන්ම,
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම (කහ)
බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, මොනරාගල, රත්නපුර, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර ඇත. නායයෑමේ අවදානමක් පවතින ප්රදේශවල ජනතාව කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවීමත්, අදාළ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීමත් වැදගත් වේ.
අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්රදේශ දෙවැනි මට්ටම - අවධානයෙන් සිටින්න (ඇම්බර්)
කළුතර: හොරණ, මතුගම - රත්නපුර: ඇලපාත, කුරුවිට, රත්නපුර - මහනුවර: උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ - කෑගල්ල: මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක - නුවරඑළිය - අඹගමුව, නෝර්වුඩ්
කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''
පළමු මට්ටම - විමසිලිමත් වන්න (කහ)
බදුල්ල: හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලිඇල, ඌව පරණගම - කොළඹ: පාදුක්ක, සීතාවක - කළුතර: මිල්ලනිය, ඉංගිරිය, වලල්ලාවිට, අගලවත්ත - මහනුවර: යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොළුව, මිනිපේ - කෑගල්ල: බුලත්කොහුපිටිය, යටියන්තොට, වරකාපොළ - මොනරාගල: මැදගම - රත්නපුර: අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල - නුවරඑළිය: මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර - කුරුණෑගල: මාවතගම, ඉබ්බාගමුව, රිදීගම, ගනේවත්ත