දෙයියනේ පේරාදෙණිය මල්වත්ත විනාසයි

Report

අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගලා පේරාදෙණිය උද්භිද උද්‍යානය තුන් පැත්තකින් ජලයෙන් යටවීම නිසා සිදුව තිබෙන හානිය රුපියල් ලක්ෂ 1300 ක පමණ වන බවට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇතැයි උද්භිද උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුවිනි ගෝමස් පවසා ඇත.

ගසක් කඩා වැටීමෙන් බරපතළ හානි සිදුව තිබෙන සංගිලි පාලම යළි ස්ථාපිත කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 800 ක පමණ මුදලක් වැය වනු ඇතැයි ද ඇය පවසා ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් උද්භිද උද්‍යානයේ මහවැලි නදිය ආසන්නයේ ස්ථාන කිහිපයකට හානි සිදුව තිබුණද දෙස් විදෙස් සංචාරකයින් සඳහා උද්‍යානය සුපුරුදු පරිදි විවෘත කර තැබීමට හැකිවූ බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

පසුගිය කාලයේදී ද සංගිලි පාලමේ ගමන් කිරීමට අවසර ලබාදී තිබුණේ සීමිත පිරිසකට බවත් හානි වීමෙන් පසු රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුව පෙරේදා (07) පැමිණ එහි තත්ත්වය පරීක්ෂා කර බැලූ බවත් ඇය ප්‍රකාශ කල බව වාර්තා වේ.

උද්භිද උද්‍යානයේ උඩවැඩියා ප්‍රදර්ශන අංශයට හා අලෙවි අංශයට පැළ සපයන උඩවැඩියා පැල තවාන ජලයෙන් යටවීමෙන් එහි තිබූ පැල 12500 ක් පමණ විනාශ වීමේ අවදානමකට ලක්ව තිබෙන බවත් මහවැලි ගඟ ආසන්නයේ තිබූ ඕකිඩ් පැල තවානට පැල සපයන පටක රෝපණ විද්‍යාගාරයට හානි සිදුව තිබෙන බවත් සහකාර අධ්‍යක්ෂිකා රුමාලි බණ්ඩාර පැවසුවාය.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

ආසාදිත පැල යථාවත් කිරීම, නව අත්හදා බැලීම් ඇතුළු විශේෂ ව්‍යාපෘති මෙම විද්‍යාගාරයේදී සිදු කරන බව ද එයට සිදුව තිබෙන හානිය මෙතෙක් ගණනය කළ නොහැකි බවද කී ඇය ජලයෙන් යටවූ උපකරණ යළි ප්‍රයෝජනයට ගත හැකිද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර යමක් ප්‍රකාශ කළ නොහැකි බව පවසයි.

මහවැලි ගඟ ආසන්නයෙන් ඇති උද්භිද උද්‍යානයේ සියලු මාර්ග ජලයෙන් යටවීම නිසා අඩි තුන හතරක් උසට රොන්මඩ තැන්පත්ව තිබෙන බවත් ඒවා ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් තිබෙන බවත් සති දෙකක පමණ කාලයක් තුළ උද්භිද උද්‍යානය යළි පෙර තිබූ තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයිද ඇය අවධාරණය කර ඇත.

රජයෙන් ජනතාවට නිවේදනයක් - සියලු දෙනාම පිළිපදින්න

රජයෙන් ජනතාවට නිවේදනයක් - සියලු දෙනාම පිළිපදින්න

උද්‍යානය තුළ ගමන් කිරීම සඳහා යොදවා තිබෙන විදුලි මෝටර් රථවලට ද හානි සිදුව තිබෙන බවත් ඒවා අලුත්වැඩියා කිරිමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් ඇය පැවසුවා.