රජයෙන් ජනතාවට නිවේදනයක් - සියලු දෙනාම පිළිපදින්න

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ආපදාවට පත් ස්ථාන නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසත් එය ඉතාම අනතුරුදායක බවත් පවසයි.

මෙම ජලය ඉතාමත් සැඩ පහරවල් සහිතව ගලා බසින බවත් ඒ හේතුවෙන් දිය නෑමෙන්, විනෝද වීමෙන් වළකින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. වැඩිදුරටත් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථනය අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස පවසයි. ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අධික වර්ශාවත් සමග පස සංතෘප්ත වී ඇති නිසා නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ලෙසය.

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

රතු නිවේදනයක් ලබා දී ඇති සෑම මොහොතකම වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාව වෙත දැනුම් දී තිබේ. එමෙන්ම ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් පැමිණ ඇති සහන කණ්ඩායම් සිදු කරන මෙහෙය අගය කළ ඒ මහතා ඔවුන් වෙත සිය කෘතඥතාවය ද පළ කළේය.

මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සහන ලබාදීමේ දී දිස්ත්‍රික් ලේකම් හරහා නිසි ක්‍රමවේදයකට අනුව එම ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු කරන ලෙසය.

පාසල් විවෘත කරන දිනය මෙන්න

පාසල් විවෘත කරන දිනය මෙන්න