වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

By krishani Sep 01, 2024 03:23 PM GMT
Report

මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මහජන බැංකුව බොල් ණය ලෙස රුපියල් බිලියන 54ක් කපා හැර ඇති බවට මෑතකදී යළිත් වරක් අසත්‍ය පුවතක් පැතිරවීමේ ප්‍රයත්නයක් වාර්තා වී ඇති බවයි.

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එම අසත්‍ය සහ පදනම් විරහිත පුවත මහජන බැංකුව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

මෙම කටකතාවල සඳහන් කිසිදු ණයක් කපා හැර නැති බව මහජන බැංකුවේ කළමනාකාරීත්වය තහවුරු කර සිටියි.

එමෙන්ම, සමාජය දේශපාලනික වශයෙන් සංවේදී මෙවන් කාල පරිච්ඡේදයකදී එවැනි පදනම් විරහිත පුවත් පැතිරවීමෙන් පෙනී යන්නේ මෙම කටකතා පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් සහිත සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඇති බව මහජන බැංකුව සඳහන් කර තිබෙනවා.

තීරණාත්මකයි.. වහාම දැනගන්න.. ඉදිරි පැය 36 සඳහා මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

තීරණාත්මකයි.. වහාම දැනගන්න.. ඉදිරි පැය 36 සඳහා මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


මහජන බැංකුව සිය විනිවිදභාවය වෙනුවෙන් දැඩි ලෙස කැපවී සිටින අතර, මෙරට ආර්ථික ප්‍රගතියෙහි ප්‍රධාන කාර්යභාරයක නිරතවන ආයතනයක් මේ අයුරින් අපකීර්තියට පත් කිරීමට දරන වෑයම පිළිබඳව කණගාටුව පළ කරයි.

එමෙන්ම, දිවයිනේ අනෙකුත් සියලූම බලපත්‍රලාභී වාණිජ බැංකු මෙන්ම මහජන බැංකුවද නියාමන ආයතනවල අධීක්ෂණය යටතේ දැඩි නියාමන රාමුවකට අනුකූලව ක්‍රියාත්මක වන බව අවධාරණය කර තිබෙනවා.

පොකට් එකට දැනෙන්නම ද?. IOC, සිපෙට්කෝ අඩු වෙද්දි තවත් තීරණයක් මෙන්න..(UPDATE)

පොකට් එකට දැනෙන්නම ද?. IOC, සිපෙට්කෝ අඩු වෙද්දි තවත් තීරණයක් මෙන්න..(UPDATE)


කෙසේ වෙතත්, මෙම පදනම් විරහිත පුවත් නොසලකා හරින ලෙසත්, නිවැරදි යාවත්කාලීන කිරීම් සහ සත්‍ය තොරතුරු සඳහා මහජන බැංකුවේ නිල මාර්ග හරහා සපයන තොරතුරු මත පමණක් විශ්වාසය තබන ලෙසත් මහජන බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනය පහතින්,

Gallery