මේ සුනඛයන් සඳහා රජයෙන් විශේෂ නීතියක් - කරන්න යන දේ මෙන්න
අයිතිකරුවන් නොමැති වීදි සුනඛයන්ගේ තොරතුරු සහ දත්ත නිවැරදිව පවත්වාගෙන යාම සඳහා උන්ගේ ශරීරය තුළට මයික්රෝ චිපයක් ඇතුළත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෝමාගම ප්රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.
දිවයිනේ බොහෝ ප්රදේශවල සහ ගාල්ල වැනි සංචාරක පුරවරවල පවා අයාලේ යන සුනඛයන්ගේ වැඩිවීම හමුවේ උන් පිළිබඳ නිශ්චිත සංඛ්යාලේඛන ලබාගැනීම අභියෝගයක් වී පැවති පසුබිමක මෙම පියවර ගෙන ඇත.
ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
මෙම මයික්රෝ චිප් තාක්ෂණය ඔස්සේ වීදි සුනඛයෙකු සපාකෑමකට ලක්වූ අවස්ථාවකදී හෝ වෙනත් ඕනෑම හදිසි අවස්ථාවකදී අදාළ සතුන්ට ජලභීතිකා එන්නත් ලබාදී තිබේද යන්න, උන්ගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ දත්ත සහ සත්වයා ගැවසෙන ස්ථාන නිවැරදිව හඳුනාගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ.
මේ අතර, මෙරටින් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ ජාතික අරමුණ පෙරදැරිව සුනඛයන්ට එන්නත් ලබාදීමේ සහ උන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා හැටන් දික්ඔය නගර සභා ශාලාවේදී ද පවත්වන ලදී.