දේශපාලඥයින් හයදෙනෙකුගේ කොළඹ සුපිරි නිවාස ගැන පරීක්‍ෂණ

CID - Sri Lanka Police Colombo Sri Lanka Politician Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 21, 2025 11:40 AM GMT
Hashini

Hashini

Report

කොළඹ සහ ඒ අවට පිහිටි ඉඩකඩම් මිල අධික ප්‍රදේශවල ඉදිකර ඇති නිවාස සංකීර්ණ සහ සුපිරි වෙළෙඳ සංකීර්ණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ඒකාබද්ධව සිදුකරනු ලබනවා.

චෝදනා ගැන මෛත්‍රීගෙන් පිළිතුරු

චෝදනා ගැන මෛත්‍රීගෙන් පිළිතුරු

අමාත්‍ය ධුර දැරූ හය දෙනෙකු මෙම දේපළ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සැකපිට නම් කර ඇත.

ඔවුන් විසින් කොළඹ, පාර්ලිමේන්තු මාවත අවට, කොල්ලුපිටිය සහ බම්බලපිටිය වැනි ප්‍රදේශවල ඉදිකර ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණ සහ නිවාස සංකීර්ණ සඳහා රුපියල් කෝටි ගණනක් වැය කර ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙම මිලදී ගැනීම් සඳහා භාවිත කර ඇති මුදල්වල නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් ! මේ අංකවලට කතාකරන්න

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් ! මේ අංකවලට කතාකරන්න

මෙම දේශපාලඥයන් මෙවැනි දේපල හිමිකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ සිදුකෙරේණු ඇති.

ඔවුන්ගේ ආදායම් මාර්ග සහ දේපළවල වටිනාකම පිළිබඳව විස්තරාත්මකව සොයා බැලෙන බව විමර්ශන නිලධාරීහු සඳහන් කරති.

මෙම පරීක්ෂණ මගින් මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් සම්බන්ධයෙන් ද සොයා බලනු ඇත.

මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළට

මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළට

මෙම පරීක්ෂණ අවසානයේදී, අදාළ දේශපාලඥයන් සහ සෙසු පුද්ගලයන් විසින් අත්පත් කරගත් දේපළ පිළිබඳව මූල්‍යමය තක්සේරුවක් සිදුකිරීමට නියමිත අතර, එහිදී ඔවුන්ගේ ආදායම් මාර්ග සහ මෙම දේපළ අත්පත් කරගැනීම අතර පවතින විෂමතා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනු ඇත.

මෙම ඒකාබද්ධ පරීක්ෂණය ඔස්සේ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.  

බීමත් රියදුරන්ට ලක්ෂ පහක් දඩ අවුරුදු දෙකක් හිරේ ?

බීමත් රියදුරන්ට ලක්ෂ පහක් දඩ අවුරුදු දෙකක් හිරේ ?

ReeCha