ලාෆ් ගෑස් භාවිතා කරන ජනතාව අමාරුවේ? ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් දැන් කියන කතාව මෙන්න

Report

අලෙවි නියෝජිතයන් මෙන්ම පාරිභෝගිකයන්ද මාස දෙකකට වැඩි කාලයක් ලාෆ් ගෑස් සමාගම විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග ලබා නොදීම හමුවේ දැඩි අසීරුතාවයට පත් වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ලාෆ් ගෑස් නියෝජිතයන් කියා සිටින්නේ නුවරඑළිය, හැටන්, තලවකැලේ, මස්කෙළිය, බගවන්තලාව ඇතුලු වතුකරයේ ප්‍රධාන නගරවල ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතවරු විශාල පිරිසක් සිටින බවත්, එම කිසිදු අලෙවි නියෝජිතයෙකුට මාස දෙකක් තිස්සේ සිය සමාගම විසින් ගෑස් තොග නිකුත් නොකිරිම හමුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබා ගන්නා පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වි ඇති බවද  මාධ්‍ය වාර්තා කරයි.

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

එමෙන්ම අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ තමන් ලාෆ් ගෑස් අලෙවි නියෝජිතකම ලබා ගැනීම සදහා සිය සමගම වෙත හිස් ගෑස් සිලින්ඩර් සදහා විශාල මුදලක් වැය කල බවත්, එසේ වැය කල මුදලින්මේ වන විය කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ලාෆ් ගෑස් ගෘහස්ථ සිලින්ඩරයට ලිට්රෝ ගෑස් නිකුත් නොකරන බවත්, ලිට්රෝ සමාගම විසින් අලුතින් ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් නොකිරිම හමුවේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකි වී ඇති බවද අලෙවි නියෝජිතයන් කියා සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

ලංකාවේ ගෑස් හිඟයක්ද? ගෑස් ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැන අමාත්‍ය පැහැදිලි කිරීමක්

ලංකාවේ ගෑස් හිඟයක්ද? ගෑස් ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැන අමාත්‍ය පැහැදිලි කිරීමක්

මාධ්‍ය වාර්තා කරන්නේ ලාෆ් ගෑස් තොග නිකුත් නොකිරිම හමුවේ සිය ප්‍රධාන මව් සමාගමේ උසස් නිළධාරින්ට දුරකථන ඇමතුම් ලබා ගත්තද එම දුරකථන ඇමතුම්වලට එම සමාගයේ වගකියයුතු කිසිදු නිළධාරියෙක් ප්‍රතිචාර නොදක්වන බවද අලෙවි නියෝජිතයන් වැඩි දුරටත් කියා සිටි බවයි.

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න