අධිකරණ තීන්දුවකට එරෙහිව හිටපු අමාත්ය උදය ගම්මන්පිලගෙන් පෙත්සමක්
හිටපු අමාත්ය උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඒ සිරදඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් කොළඹ, විහාරමහා දේවී උද්යානය ඉදිරිපිට පැවති සත්යග්රහයට එරෙහිව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
ඒ අනුව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා, කොළඹ මහෙස්ත්රාත්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව වාර්තා වේ.