මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළට

Report

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා.

අද දිනයේ තලපත් කිලෝවක තොග මිල රුපියල් 2200 ක් ලෙසත්, කොප්පරා තලපත් කිලෝවක් රුපියල් 2500 කටත් අලෙවි වන බවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි කියා සිටියේ.

මදුසමයට බාධාවක් කියා දරුවන් මරා දැමු මව

මදුසමයට බාධාවක් කියා දරුවන් මරා දැමු මව

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපතිවරයා පැවසුවේ කෙලවල්ලා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 1500 ක් ලෙස පැවති බවයි.

මේ අතර, සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කොළඹ දී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් බිත්තර සහ කුකුල් මස් අවශ්‍ය තරම් රට තුළ පවතින බවද ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉල්ලු‍ම සහ සැපයුම් මත ඒවායේ මිල ගණන් තීරණය වන බවයි. 

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් ! මේ අංකවලට කතාකරන්න

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් ! මේ අංකවලට කතාකරන්න