රාජ්‍ය සේවකයන්ට ස්ථිර පත්වීම් - තාක්ෂණික නිලධාරීන් , ලිපිකරු ඇතුළු තනතුරු රැසක් සඳහා

Report

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 850 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය ගන්නෝරුවේදී සිදුවිය.

මෙලෙස ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරුණේ වසර ගණනක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 690 දෙනෙකුට සහ ද්විතීක මට්ටමේ තනතුරු ලාභීන් 160 දෙනෙකුටයි.

ලබන වසරේ ජනවාරි 1 සිට - රාජ්‍ය ව්‍යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා නව ප්‍රතිපත්ති රාමුවක්

ලබන වසරේ ජනවාරි 1 සිට - රාජ්‍ය ව්‍යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා නව ප්‍රතිපත්ති රාමුවක්

 ඒ අනුව මෙම පත්වීම් පිරිනැමුණේ තාක්ෂණික නිලධාරීන් , ගොවිපල ලිපිකරු , බීජ කාර්මික , නේවාසිකාගාර පාලක ආදී තනතුරු සඳහායි. මෙම පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත , නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

වසර 15 / 20 වැනි දීර්ඝ කාලයක් පුරා ස්ථිර පත්වීම් නොලද සේවක මහත්ම මහත්මීන්ද මෙහිදී ස්ථිර සේවයට පත්විය.]

රාජ්‍ය සේවකයන්ට ස්ථිර පත්වීම් - තාක්ෂණික නිලධාරීන් , ලිපිකරු ඇතුළු තනතුරු රැසක් සඳහා | Agriculture Department Employees Get Permanent Job