යෝෂිත සහ කරන්නාගොඩ ගැන අධිකරණයෙන් තීරණයක් - නඩුව නොවැම්බර් 23 වැනිදාට දින නියම වෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 23 වැනිදා විභාගයට කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්ර ප්රේමරත්න මහතා අද (28) මෙම නියෝගය නිකුත් කළේය.
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ මහතා බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.