“ලෝකයක් බලා සිටින ඊශ්‍රායල මැතිවරණයේ නෙතන්යාහුටත් විපක්ෂයේ අයිසන්කොට්ටත් බහුතරය අහිමි වන ලකුණු'' - අරාබි පක්ෂ තීරණාත්මක වෙයි

Report

ඊශ්‍රායල මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පක්ෂය විශාලතම තනි පක්ෂය ලෙස ඉදිරියෙන් සිටියද, නව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගැනීම අවිනිශ්චිත වී තිබේ.

ඒ අනුව, එරට අරාබි පක්ෂ නව රජයක් පිහිටුවීමේදී තීරණාත්මක බලවේගයක් බවට පත්විය හැකි බව වාර්තා වේ.

ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ආසන 120ක් පවතින අතර, නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය සහ එහි අන්ත ජාතිකවාදී හා අන්ත ඕතඩොක්ස් යුදෙව් සන්ධාන හවුල්කරුවන්ට ආසන 61ක බහුතරය ලබාගැනීමට නොහැකි වන ලකුණු පළවී තිබේ.

කෙසේ වෙතත්, තවදුරටත් ඡන්ද ගණන් කිරීම සිදුවන බැවින් ප්‍රතිඵල වෙනස් විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මුල් ඡන්ද ගණනයේදී දක්ෂිණාංශික පක්ෂවලට වැඩි සහායක් හිමි ප්‍රදේශවල ඡන්ද ප්‍රතිඵල වැඩි වශයෙන් ඇතුළත් වී තිබීම ඊට හේතුවකි.

''සුළඟ පැයට කි.මී. 140 දක්වා වේගවත් වෙයි'' - ඉන්දියාවට සුළි කුණාටුවේ දැඩි බලපෑම්

''සුළඟ පැයට කි.මී. 140 දක්වා වේගවත් වෙයි'' - ඉන්දියාවට සුළි කුණාටුවේ දැඩි බලපෑම්

මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 77% ඉක්මවා තිබේ. එහෙත් නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට්ට ද අරාබි පක්ෂවල සහාය නොමැතිව පාර්ලිමේන්තු බහුතරයක් ගොඩනඟා ගැනීම දුෂ්කර වනු ඇතැයි පෙනී යයි.

ඊශ්‍රායලයේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ වන අරාබි ජනතාව මෙවර මැතිවරණයේදී ඉහළ මට්ටමකින් ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අර්ධ ප්‍රතිඵල අනුව, අරාබි පක්ෂවලට පෙර පැවති ආසන සංඛ්‍යාවට සමාන හෝ ඊට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවීමේ හැකියාවක් ද පවතී.

මැතිවරණයට පෙර යුදෙව් විපක්ෂයේ බොහෝ පක්ෂ අරාබි බහුතරයක් නියෝජනය කරන පක්ෂ සමඟ එක්ව කටයුතු නොකරන බව ප්‍රකාශ කර තිබුණි.

එහෙත් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය සහාය සොයා යාමේදී එම ස්ථාවරය වෙනස් කිරීමට ඔවුන්ට සිදුවිය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර, නෙතන්යාහු සහ අයිසන්කොට් දෙදෙනාම සිය ආධාරකරුවන් අමතමින් නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

නෙතන්යාහු කියා සිටියේ තමන්ට සහාය දක්වන දක්ෂිණාංශික කඳවුරට යුදෙව් ජනතාව අතර පැහැදිලි බහුතරයක් පවතින බවයි.

එහෙත් ඔහු ජයග්‍රහණය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.අයිසන්කොට් ප්‍රකාශ කළේ ජනතාව වෙනසක් තෝරාගෙන ඇති බවත්, නෙතන්යාහු තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බවත්ය.

සෞදියේ ලොකුම තෙල් පිරිපහදුවට හූති මිසයිල ප්‍රහාරයක් - මැදපෙරදිග යුද ගිනි මැද ලෝක තෙල් මිල මාස 6ක ඉහළම මට්ටමට

සෞදියේ ලොකුම තෙල් පිරිපහදුවට හූති මිසයිල ප්‍රහාරයක් - මැදපෙරදිග යුද ගිනි මැද ලෝක තෙල් මිල මාස 6ක ඉහළම මට්ටමට

පසුගිය වසර හතර තුළ නෙතන්යාහුගේ රජය ආගමික හා ජාතිකවාදී ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

එම කාලය තුළ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුම්වලට එරෙහිව දැවැන්ත විරෝධතා ද පැවති අතර, 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගාසා තීරය, ලෙබනනය සහ ඉරානය සම්බන්ධ යුද ගැටුම් ද ඇති විය.

නෙතන්යාහු දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගයකට ද මුහුණ දෙමින් සිටින අතර, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායලයේ ජනාධිපති අයිසැක් හර්සොග් වෙත අවසන් මැතිවරණ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමෙන් පසු, රජයක් පිහිටුවීමට වැඩිම හැකියාවක් ඇති අපේක්ෂකයා තෝරා ඒ සඳහා අවස්ථාව ලබාදීමට නියමිතය.

එම අපේක්ෂකයාට සති හයක් ඇතුළත පාර්ලිමේන්තු බහුතරයක් ගොඩනඟා ගැනීමට නොහැකි වුවහොත්, වෙනත් අපේක්ෂකයෙකුට ද අවස්ථාව හිමිවිය හැකිය.

කිසිදු පාර්ශ්වයකට රජයක් පිහිටුවීමට නොහැකි වුවහොත් නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇත.

එතෙක් නෙතන්යාහුගේ රජය භාරකාර රජයක් ලෙස කටයුතු කරනු ඇති බව BBC වාර්තාවේ සඳහන් වේ.

ලෝකෙම හොල්ලපු Microsoft සමාගමටත් මූල්‍ය පීඩනය තදින්ම දැනෙයි! සේවකයින්ට අනාගතය තීරණය කරන්න දෙසැම්බර් වෙනකම් කල්

ලෝකෙම හොල්ලපු Microsoft සමාගමටත් මූල්‍ය පීඩනය තදින්ම දැනෙයි! සේවකයින්ට අනාගතය තීරණය කරන්න දෙසැම්බර් වෙනකම් කල්