මුළු රටේම උඩු දුවන ගෑස් ප්රශ්නෙට ලිට්රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න
රට තුළ මේ වන විට පවතින ගෑස් සැපයුම් තත්ත්වය පිළිබඳව නවතම තොරතුරු වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට ප්රධානතම ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ සමාගම මෙරට LP ගෑස් සැපයුමට ඇති වූ බාධාකාරී තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින්, දිවයින පුරා අඛණ්ඩව ගෑස් බෙදා හැරීම සහතික කිරීමට අවශ්ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බවට පැවසූ බව සඳහන්.
එසේම මෙරට LP ගෑස් සැපයුම ශක්තිමත් කිරීමේ අරමුණින්, LP ගෑස් මෙට්රික් ටොන් 3,000ක පමණ තොගයක් රැගත් FRANCOIS නෞකාව ඊයේ (27) දිනයේදී මෙරටට ළඟා වී තිබෙන අතර, එහි ගෑස් ගොඩ බෑමේ කටයුතු ඊයේ දිනයේදීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඉකුත් ඔක්තෝම්බර් 23 වන දින සිට ඊයේ දිනය දක්වා දිනකට ගෘහස්ථ කිලෝග්රෑම් 12.5 LP ගෑස් සිලින්ඩර 90,000ත් 100,000ත් අතර ප්රමාණයක් වෙළඳෙපාළට නිකුත් කිරීමට ලිට්රෝ සමාගම කටයුතු කර ඇති අතර මෙය මෙරට දෛනික වෙළඳපළ අවශ්යතාව වන සිලින්ඩර 74,000ක පමණ ප්රමාණය ඉක්මවා යාමක් බව සඳහන්.
කෙසේ වෙතත් දැනට පවතින වෙළඳෙපාළ ඉල්ලුම සපුරාලීමට ඉදිරි දින කිහිපය තුළද මෙම වැඩි කළ සැපයුම් මට්ටම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සමාගම අපේක්ෂා කරන බව සඳහන්.
එබැවින් අඛණ්ඩව දිනකට ගෑස් ටැංකි (සිලින්ඩර්) 100,000 බැගින් වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
තවද LP ගෑස් මෙට්රික් ටොන් 3,900ක පමණ තොගයක් රැගත් තවත් නෞකාවක් ඔක්තෝබර් 31 වන සෙනසුරාදා ද ශ්රී ලංකාවට ළඟා වීමට නියමිත බව සඳහන්.
එසේම වෙළඳපොළ තුළ ගෑස් ඉල්ලුම මේ ආකාරයට ඉහළ යෑමට ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් ජාලයේ ඇතිව ඇති බිඳ වැටීම ද හේතු වී ඇති බවත් එම තත්වය නිරාකරණය සඳහා මේ වන විට රජය මැදිහත් වෙමින් සිටින බවත් සඳහන්.
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න
සාමාන්යයෙන් ලිට්රෝ සමාගම දෛනිකව ගෑස් මෙට්රික් ටොන් 1150 ක් පමණ වෙළඳපොළට සැපයුවත් ලාෆ් සමාගමේ ඇතිව ඇති තත්ත්වය හේතුවෙන් මේ වන විට ලිට්රෝ ගෑස් සඳහා ඉල්ලුම මෙට්රික් ටොන් 1650 ක් දක්වා 500 කින් පමණ ඉහළ ගොස් ඇති බව පවසයි. ශ්රී ලංකාවේ ගෑස් වෙළඳපළ තුළ තද බදයක් නිර්මාණය වීමට මෙම තත්ත්වය ද හේතු වී ඇති බව සඳහන්.
එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීමට මේ වන විටත් රජය මැදිහත්වී කටයුතු කරයි.
එමෙන්ම අධික ඉල්ලුම යටතේ වුවද පවතින තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්ය සියලු ක්රියා මාර්ග අඛණ්ඩව ගනිමින් සිටින බවත් ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග පෙන්වා දෙන බව සඳහන්.