චෝදනා ගැන මෛත්‍රීගෙන් පිළිතුරු

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධවයි. එහි සඳහන් ව ඇත්තේ එල්ලවන චෝදනා අසත්‍ය මෙන්ම සාවද්‍ය කරුණු අන්තර්ගතව ඇති බවය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට තමන් සතුටින් ඉදිරිපත් වන බවත් මෙවැනි ප්‍රචාර යවා අසත්‍ය චෝදනා කරමින් කිසිඳු වංචාවකට හෝ දුෂණයකට සම්බන්ධ නොමැති තමා සම්බන්ධයෙන් කරන චරිත ඝාතනය තරයේ හෙලා දකින බවද ඔහු පවසනවා.

මහා බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

මහා බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

ඊයේ (20) දින මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධවයි.

මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ එප්පාවල සමුපකාර සමිතියේ උප සභාපති ලක්‍ෂ්මන් ජයවර්ධන විසිනි.

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි පැරණි ක්‍රමය වෙනස් වෙයි

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි පැරණි ක්‍රමය වෙනස් වෙයි

එහි සඳහන් වුයේ 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරිම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, 

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් ! මේ අංකවලට කතාකරන්න

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් ! මේ අංකවලට කතාකරන්න

චෝදනා ගැන මෛත්‍රීගෙන් පිළිතුරු | Maithri S Response To The Allegations