ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්

Report

නුවරඑළිය නගරයේ පික් මී (Pick me) සේවාවක් අවශ්‍ය නොවන බව කියමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කුලී රථ හිමියන්ගේ සම්මේලනය සාමාජිකයන් එක්ව අද (26) දින උද්ඝෝෂනයක නිරත වූ බව වාර්තා වේ.

ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරතව සිටි එම සංගම්වල සාමාජිකයන් චෝදනා කර සිටියේ පිටතින් පැමිණෙන පික් මී ආයතනයට සම්බන්ධ වාහන රියදුරන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයේ නිරත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් තම ජීවන උපායට ද ගැටළු රැසක් මතු කරමින් සංචාරකයන් ප්‍රවාහනය කිරිමේ කටයුතුවල නිරතව සිටින බවටයි.

එමෙන්ම මෙම උද්ඝෝෂනයට හැටන්, තලවකැලේ, කදපොල, රාගල, වලපනේ, නුවරඑළිය කොත්මලේ යන ප්‍රදේශවල කුලී රථ රියදුරන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

එමෙන්ම උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා වෙත භාරදීම ට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත සංදේශයක්ද භාර දී ඇත.

ඒ අනුව ඔවුන් සඳහන් කළේ පික් මී වාහන රියදුරන් ඉතා අඩු මුදලකට සංචාරකයන් ප්‍රවාහනය කළ ද තමන්ට එම මුදලට සංචාරකයන් ප්‍රවාහනය කිරිමට නොහැකි වීම හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.

එසේම කදු බෑවුම් සහිත ප්‍රදේශවල ත්‍රීරෝද රථ සහ වෑන් රථවලින් සංචාරකයන් ප්‍රවාහනය කිරිමෙදි වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වන බවත්, පිට පළාත්වලින් නුවරඑළියට තවත් කුලී රථ ගමනක් පැමිණ සැඟව සිට පික් මී ඇනවුමක් යනුවෙන් පවසමින් නුවරඑළිය පැමිණෙන සංචාරකයින් ඔවුන් ප්‍රවාහනය කරන බවටත් ඔවුන් චෝදනා කරයි.

ඊට අමතරව ඔවුන් කියා ඇත්තේ පික් මී වාහන කරුවන් කොළඹ සිට නුවරඑළියට පමණක් මඟීන් රැගෙන ඒමට තමන් විරුද්ධ නොවන බවයි.

එහෙත් එසේ පැමිණි එම පික්මී වාහන ආපසු කොළඹ යෑමට නුවරඑළියෙන් පුද්ගලයන් අඩු මුදලට රැගෙන යන බවට ඔවුන් වැඩිදුරටත් කියා සිටියි.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - අවසන් දිනයට කලින් භාරදෙන්න

විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - අවසන් දිනයට කලින් භාරදෙන්න