විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - අවසන් දිනයට කලින් භාරදෙන්න

Report

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දී ඇත්තේ කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2024 (2025) උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බවයි.

නිවේදනයක් නිකතු කරමින් දැනුම් දී ඇත්තේ අයදුම්පත් භාරගනු ලබන අවසාන දිනය 2026.02.13 වනදා වන බවය.

නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් අනුගමනය කළ හැකි බව සඳහන් වේ. 

  • විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස "අපගේ සේවා" (our services) "Exam Information Center" මත click කරන්න.
  • https://onlineexams.gov.lk/eic වෙත පිවිසීම.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

දැනටමත් පරිශීලක ගිණුමක් ඔබ සතු වේ නම්, Personal Account Login හරහා පද්ධතියට ප්‍රවේශ වන්න. නැතහොත් විභාගයට පෙනී සිටි ජාතික හැඳුනුම්පත් අංකය හා ඔබ දැනට භාවිත කරන ජංගම දුරකථන අංකය යොදා ගිණුමක් නිර්මාණය (Register) කර ගන්න.

ඔබගේ ජංගම දුරකථන අංකයට ලැබෙන OTP අංකය භාවිත කර ඔබ නිර්මාණය කරගත් ගිණුමට ප්‍රවේශ වන්න. "Catholic Daham Pasal Final Certificate Examination 2024 (2025) Application for Re -Scrutiny of Results" මත Click කරන්න.

අයදුම්පත් සම්පුර්ණ කිරීමට පෙර Technical instructions හා Common Instructions කියවීම හා උපදෙස් වීඩියෝව නැරඹීම අත්‍යවශ්‍ය බව සලකන්න.

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

එක් විෂයයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රු. 250/= කි. හර පතක් (Debit Card)/ ණය පතක් (Credit Card) භාවිත කර හෝ තැපැල් කාර්යාල මගින් ගෙවීම් සිදු කළ යුතුය.

තැපැල් කාර්යාල මඟින් ගෙවීම් කිරීමේ දී අයදුම්කරු විසින් මාර්ගගත ක්‍රම වේදයට අනුව ලබා ගන්නා ලද යොමු අංකය (Reference No.) ඉදිරිපත් කර ගෙවීම් සිදු කළ යුතුය.

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

මුදල් ගෙවීමෙන් පසු, ලබා දුන් ජංගම දුරකථන අංකයට SMS පණිවිඩයක් ලැබෙනු ඇත. මුදල් ගෙවීමේ අවස්ථාව ලබා දෙන්නේ එක් වරක් පමණක් බැවින් මුදල් ගෙවන ආකාරය තෝරා ගැනීමට පෙර නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත සියලුම විෂයන් තෝරා ගන්න.

මුදල් ගෙවීමෙන් පසු අයදුම්පත pdf ක්‍රමයට බාගත (Download) කරගත හැකි අතර, එම අයදුම්පතකතෝලික දහම පාසල් විදුහල්පති /ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිතව පහත ලිපිනයට එවිය යුතුය.

විභාග කොමසාරිස් ජනරාල්,

ආයතනික විභාග ඇගයීම් ශාඛාව,

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,

තැ.පෙ. 1503, කොළඹ.

නැවත සමීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය සියලුම විෂයන් සහිතව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කිරීම අයදුම්කරුගේ වගකීම වේ.

අදාළ ගාස්තුව ගෙවා නොමැති අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කෙරේ.

රාජ්‍ය සේවක වැටුප 65%කින් ඉහළට - 100% වැඩිකරන දිනය මෙන්න

රාජ්‍ය සේවක වැටුප 65%කින් ඉහළට - 100% වැඩිකරන දිනය මෙන්න

අයදුම්පත් සඳහා ගෙවා ඇති ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වේ නම් පහත සඳහන් දුරකථන අංක භාවිත කළ හැකිය.

ආයතනික විභාග ඇගයීම් ශාඛාව - 011- 2 785 105/ 011 - 2 786 235.