නුගේගොඩ වෙඩි තැබීම ගැන ඇග කිලිපොලා යන හෙළිදරව්වක් [VIDEO]
පොලීසිය සඳහන් කරන ආකාරයට නුගේගොඩ මංසන්ධිය හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීම බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට සැකකරන බවයි.
නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ ඊයේ (22) රාත්රී 8.30ට පමණ දී ත්රීරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව ඇත.
එහිදී වෙඩි තැබීමෙන් තුවාල සිදු වූ තරුණයා අපරාධකරුවකු වන අවිශ්ක නැමැත්තාගේ සමීපතමයෙක් බවත් වෙඩික්කරුවන් යතුරුපැදියකින් අදාළ ත්රිරෝද රථය ලුහුබැඳ ගොස් අනතුරුව ඔවුන් ත්රිරෝද රථය හරස්කර නවත්වා වෙඩි ප්රහාර 3ක් එල්ලකර පලාගොස් ඇති බවත් තොරතුරු වාර්තා වේ.
පොලිසිය වැඩිදුරටත් වාර්තා කරන්නේ වෙඩි ප්රහාරය ත්රිරෝද රථයේ රියදුරු ඉලක්ක කර තැබීමෙන් ඔහුගේ දකුණු බාහුවට හා උදරයට තුවාල සිදුව ඇති බවත් පසුව තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.
වෙඩි තැබීමට ලක් වූ මෙම තරුණයා දෙහිවල ප්රදේශයේ පදිංචි චන්දිම සචින්ත නම් 25 හැවිරිදි තරුණයෙක් වන අතර තමන් ත්රිරෝද රථයෙන් සිය බිරිඳ රැගෙන ඒම සඳහා කොහුවලට යන අතරතුරදී තම ත්රිරෝද රථය පසුපස යතුරුපැදියක් හඹාඑන බවට තමන් දුටු බව වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා ප්රශ්න කිරීම්වලදී පොලීසියට පවසා ඇත.