හිටපු නේපාල අගමැති ජල්නාත් ඛනාල්ගේ බිරිඳ මරුට, නිවසට දමා විරෝධතාකරුවන් ගිනි තියලා

Report

හිටපු නේපාල අගමැති ජල්නාත් ඛනාල්ගේ බිරිඳ අද (9) දින මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ජෙනරාල් ඉසෙඩ්ගේ නායකත්වයෙන් යුත් විරෝධතාකරුවන් ඇගේ නිවස තුළට අගුලු දමා ගිනි තැබීමෙන් අනතුරුව බව සඳහන්.

මෙසේ මිය ගොස් ඇති බවට වාර්තා වන්නේ නේපාලයේ හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන රබී ලක්ෂ්මි චිත්‍රකාර්. ඒ දල්ලු හි ඔවුන්ගේ නිවසට ගිනි තැබීමෙන් පසුව එහිදී බරපතළ ආකාරයට තුවාල ලැබීමත් සමඟයි.

නේපාලයේ උණුසුම උග්‍ර වෙයි, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ විශේෂ දූෂණ විරෝධී අධිකරණයකට ගිනි තියලා

නේපාලයේ උණුසුම උග්‍ර වෙයි, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ විශේෂ දූෂණ විරෝධී අධිකරණයකට ගිනි තියලා

එමෙන්ම නේපාල මාධ්‍ය ආයතනයක් වන කබාර් හබ්ට අනුව පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ චිත්‍රකර් අසාධ්‍ය තත්ත්වයෙන් කීර්තිපූර් පිළිස්සුම් රෝහලට ගෙන ගිය නමුත් ඇයව බේරා ගැනීමට නොහැකි වූ බවයි.

මේ අතර පවුලේ සාමාජිකයින් වැඩිදුරටත් පවසා ඇත්තේ විරෝධතාකරුවන් පිරිසක් ගින්න ඇවිළවීමට පෙර ඇයව නිවස තුළට බලහත්කාරයෙන් ඇතුළත් කළ බවයි.

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම නිසා, Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම ඉකුත් දා තහනම් කිරීමට නේපාල රජය පියවර ගැනීමත් සමඟ ‘Gen Z’ විරෝධතාකරුවන් ඊට විරුද්ධව විරෝධතා ආරම්භ කර තිබුණු අතර අද වන විට එහි තත්ත්වය වඩාත් උණුසුම් ස්භාවයක් ගෙන තිබුණා.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි