නේපාල හමුදාවෙන් නිවේදනයක්, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම සියතට ගනී

Report

අද (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

ඒ අනුව නේපාල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම වෙනුවෙන් අඳාළ තීරණ ගෙන ඇති බවයි.

එසේම එම නිවේදනයේ දැක්වෙන්නේ, අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම වැනි කටයුතු සිදුකරන බවයි.

හිටපු නේපාල අගමැති ජල්නාත් ඛනාල්ගේ බිරිඳ මරුට, නිවසට දමා විරෝධතාකරුවන් ගිනි තියලා

හිටපු නේපාල අගමැති ජල්නාත් ඛනාල්ගේ බිරිඳ මරුට, නිවසට දමා විරෝධතාකරුවන් ගිනි තියලා

එසේම මෙම විරෝධතා මැද නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක්ව විරෝධතාකරුවන් මඟින් පුළුස්සා මරා දමා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එසේ මිය ගොස් තිබෙන්නේ හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන Rajyalaxmi Chitrakar බව සඳහන්.

කත්මණ්ඩු අගනුවරදී වාර්තා වූ මෙම සිදුවීමේදී ඇයව විරෝධතාකරුවන් නිවසේ සිර කර නිවසට ගිනි තබා ඇති බව පවසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව ඇයව කීර්තිපූර් බර්න් රෝහලට වහාම ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත් ප්‍රතිකාර අතරතුර ඇය මිය ගිය බට පවුලේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

මෙසේ නේපාලය පුරාවට උණුසුම් විරෝධතා පැතිර යන්නේ ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වීමත් සමඟයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

ඒ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට විරෝධය දක්වමින්.

මෙසේ සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන් වේ.

කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත සිද්ධි දාමයකින් පසුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය අද පියවර ගෙන ඇතත් ඒ කිසිවක් නොතකා විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන්නේ පාලක රජයට දැඩි විරෝධයක් පළකරමින් බව වාර්තා වේ.

එමෙන්ම මේ වන විට ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදුලි ගාස්තු වැඩි කිරීමක්? යෝජනාව අනුමත වෙයිද?

විදුලි ගාස්තු වැඩි කිරීමක්? යෝජනාව අනුමත වෙයිද?