සම්පත් මනම්පේරිට මේක දෙන්න කියලා දීලා ගිහින් තියෙන දේ දැක්කද? බඩුත් එක්ක මාට්ටු
පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරිට අයත් බව පවසන මෝටර් රථයක් අද (09) දින ඇඹිලිපිටිය පොලීසිය මඟින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම මෝටර් රථය සොයා ගෙන ඇත්තේ ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක් තුළ තිබියදී බව සඳහන්.
එසේම මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මීට දින 4කට පෙර පුද්ගලයෙකු පැමිණ මෙම මෝටර් රථය සම්පත් මනම්පේරිට ලබාදෙන මෙන් පවසා අදාළ මෝටර් රථය දමා ගොස් ඇති බවයි.
සම්පත් මනම්පේරිට සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සිද්ධිය පිළිබඳව චෝදනා එල්ලවී ඇත.
එසේම පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ද මේ අනුව ඉකුත් දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබුණා.
