තවත් ජනප්‍රිය ක්‍රීඩකයෙක් ක්‍රිකට් පිටියෙන් සමු ගනී
පකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ෂින්වාරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් උස්මාන් ෂින්වාරි විසින් නිවේදනය කර ඇති බව සඳහන්.
උස්මාන් ෂින්වාරි යනු වසර හයක පමණ කාලයක් පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර එක්දින තරග 17 කට සහ විස්සයි20 තරග 16 කට ක්‍රීඩා කර ඇත.
එසේම එහිදී ඔහු එක්දින කඩුලු 34ක් සහ විස්සයි20 කඩුලු 13ක් දවාගෙන තිබෙනවා.
මේ අතර උස්මාන් ඔහුගේ දෙවන එක්දින තරගයේදී ඔහුගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතා ලබා ගත් අතර, සාජාහිදී ශ්‍රී ලංකාවට විරුද්ධව කඩුලු පහක් දවා ගැනීමට ද සමත් වී තිබුණා.
එමෙන්ම 2019 දී ඔහුගේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ඔහුට නැවත වරක් කඩුලු 5ක් දවා ගැනීමට හැකියාව ලැබී ඇත.
තවද උස්මාන් ෂින්වාරි යනු 2018 ආසියානු කුසලාන තරගාවලියේදී පකිස්තාන සංචිතයේ ද සාමාජිකයෙක් වේ.
