කවුද හිතුවේ පද්මෙලාව මේ විදිහට කුදලාගෙන එයි කියලා මත්ද්‍රව්‍ය කිලෝ ගණන් පොළොවෙන් මතුවෙයි කියලා හැබැයි ඔය වෙන්නේ - නාමල්
නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා විසින් කවුරුවත් හිතුවේ නෑ නේද කෙහෙල්බද්දර පද්මෙලා ඇතුළු පාතාල කල්ලිය කුදලාගෙන මේ විදිහට අරන් එයි කියලා යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු
එසේම නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී ''කවුරුත් හිතුවේ නෑ අයිස් මත්ද්‍රව්‍ය හදන අමුද්‍රව්‍ය කිලෝ 50,000ක් පොළොව යටින් මතුවෙයි කියලා. දැන් කවුරුත් නොහිතපු දේවල් වෙනවානේ'' යනුවෙන්ද කියා ඇත.
තවද, "ඒ ගොල්ලො හැංගිලා හිටියේ ලංකාවේ නෙවේනෙ. කවුරුත් හිතුවේ නෑනෙ එහෙම. කුඩු කර්මාන්ත ශාලා ගහන්න සැලසුම් කරලා තිබුණා. සමහරු සමාජ මාධ්‍යවල ලියන්න ගත්තා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගෙන් පස්සේ රජෙක් ඇතුළට ගියා කියලා. කාගෙවත් ඔලුවක තිබුණෙ නෑනේ එහෙම වෙයි කියලා. හැබැයි එහෙම නොහිතපු දේවල් අද වෙනවානේ. එවැනි තත්ත්වයක ඇමතිතුමා එයාර් පෝර්ට් යන්නේ පාතාලයෝ පිළිගන්න නෙවෙයි. පාතාලයෝ අල්ලන්න ඒ රටේ පොලිසියේ නිලධාරීන් මැදිහත් වුණා. ඔවුනුත් ලංකාවට ආවා ඒ නිසා ඔවුන් පිළිගන්නයි ඇමතිතුමා ගියේ. ඒ වගේම අපේ පොලිස් නිලධාරීන් ඒ රටට ගිහින් ඒ ක්‍රියාවලියට දායක් වුණා. ඒ නිසා ඔවුන් පිළිගන්නයි ඒ අයට ගරු කරන්නයි ගියේ. එහෙම නැතුව පාතාලයෝ පිළිගන්න නෙවේ. එහෙම චෝදනා කරන අයත් දන්නවා මේක. දැනගෙනත් බාල්දු කරන්නයි හෑල්ලු කරන්නයි ප්‍රකාශ කරනවා. තව ටික කාලයක් ඉද්දි ගොඩාක් දේවල් දැනගන්න පුලුවන්." යනුවෙන් ද වැඩිදුරටත් පවසා තිබෙනවා.