මන්නාරම රෝහල දියුණු කරන්න ඉන්දියාව එක්ක ගිවිසුමක්

Report

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියා රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (9) සිදු කෙරිණි.

සුරංගනාවියක් වගේ හැඩ වෙමින් පති කුලයට ගිය කේ සුජීවාගේ දියණිය

සුරංගනාවියක් වගේ හැඩ වෙමින් පති කුලයට ගිය කේ සුජීවාගේ දියණිය

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු වූ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් කිරිම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහත්වරුන් අතර සිදු විය.

හදීසි මෙහෙයුමක් අපරාධකරුවන් 28ක් පොලිස් දැලේ

හදීසි මෙහෙයුමක් අපරාධකරුවන් 28ක් පොලිස් දැලේ

අවබෝධතා ගිවිසුමට අනුව ඉන්දීය රජය මෙම ව්‍යාපෘතියට අදාළව වැය කිරීමට නියමිත ව්‍යාපෘති ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 600 ක් වන අතර, ව්‍යාපෘති කාලසීමාව වසර 03 කි. මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම් සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ව්‍යාපෘතියට දායකත්වය දැක්වීමට ඉන්දීය රජය කටයුතු කරන ලදී.

පුතා උදේ යද්දි පන්සලට පඬුරු දාලා ගියේ එයා අනතුර වලක්වා ගන්න උත්සාහ කරා. එයා නරක ළමයෙක් නෙමෙයි- රියැදුරුගේ මව

පුතා උදේ යද්දි පන්සලට පඬුරු දාලා ගියේ එයා අනතුර වලක්වා ගන්න උත්සාහ කරා. එයා නරක ළමයෙක් නෙමෙයි- රියැදුරුගේ මව