අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන කරන්න කිසිසේත් පැකිලෙන්නේ නැහැ - රට වෙනුවෙන් ජනපතිගෙන් දැඩි තීරණයක්
මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ වළක්වමින් සාමකාමී රාජ්‍යයක් දක්වා රට පරිවර්තනය කිරීමේදී අවශ්‍යවන ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට කිසිසේත් නොපැකිළෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අදට යෙදී ඇති ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සර සැමරුමට සහභාගී වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
ආයේ වාහනයක් ගැන හිතන්නවත් වෙන්නෑ.. වාහන මිල යළිත් අහස උසට - මේ වාහන මාදිලිවල මිල රු. මිලියන 4.5ක් දක්වා ඉහළට
"අපිට විශාල ඇගයීමක් තියෙනවා ඔබ කෙරෙහි. පසුගිය වරස දෙකේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් කළා. ඒ නිසා වැදගත්ම දේ අත්අඩංගුවට ගන්නවා හා සමාන ලෙස වේගවත්ව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් ලබාදිය යුතුයි. හැබැයි ඒ ක්‍රියාදාමය ගත්තොත් විශාල ප්‍රමාදවීමක් තිබෙනවා. ඒ නිසා මේ සඳහා තියෙන සෑම ආයතන සක්‍රීය විය යුතුයි. එසේ නැතිනම් අපරාධකරුවන් දන්නවා දඬුවම් ලැබෙන්නේ පමාවී බව. ඒ නිසා අපි ඒ සියලු ක්‍රියාවලි කාර්යක්ෂම කිරීමට තීරණ ගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති අපි සම්පාදනය කරලා දීලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍යනම් පැකිලීමකින් තොරව අපි එය කරනවා. මේ රටේ පොදුජන සුබසිද්ධිය උදෙසා. අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන කරන්න කිසිසේත් පැකිලෙන්නේ නැහැ." යනුවෙන් සඳහන් කළා.





