ආයේ වාහනයක් ගැන හිතන්නවත් වෙන්නෑ.. වාහන මිල යළිත් අහස උසට - මේ වාහන මාදිලිවල මිල රු. මිලියන 4.5ක් දක්වා ඉහළට

Report

වාහන ආනයන බදු මත පනවා ඇති 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙරට වාහන මිල ගණන් යළිත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ඇතැම් ජනප්‍රිය වාහන මාදිලිවල මිල රුපියල් මිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාහන අලෙවි ආයතන සහ වාහන ආනයනකරුවන් සමඟ සිදුකළ විමසීම්වලදී හෙළි වී ඇති බව සඳහන්.

ඒ අනුව Suzuki Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 5කින් පමණද, Toyota Raize රථයක මිල රුපියල් ලක්ෂ 8කින් පමණද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම Toyota Yaris රථයක මිලද රුපියල් ලක්ෂ 5කින් පමණ ඉහළ ගොස් ඇති අතර Honda Vezel රථයක මිල රුපියල් ලක්ෂ 9කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

මේ අතර, ඉහළ මිල ගණන් සහිත වාහනවල මිල වැඩිවීම තවදුරටත් සැලකිය යුතු මට්ටමක පවතියි. වාහන අලෙවිකරුවන් පවසන්නේ Toyota Prado රථයක මිල රුපියල් මිලියන 2.5කින් පමණද, Toyota Land Cruiser රථයක මිල රුපියල් මිලියන 4.5කින් පමණද ඉහළ ගොස් ඇති බවයි.

තවද ද්විත්ව කැබ් රථවල මිලද රුපියල් මිලියන 2ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම BYD Atto 1 රථයක මිලද රුපියල් මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර මැයි 15 වැනිදාට පෙර විවෘත කළ ණයවර ලිපි යටතේ ආනයනය කළ වාහන අධිභාරයෙන් නිදහස්ව තිබූ බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේ වුවද, මැයි 15 වැනිදායින් පසු විවෘත කළ ණයවර ලිපි යටතේ ආනයනය කරන ලද වාහන නව බදු ක්‍රමය යටතේ නිෂ්කාශනය කිරීම ආරම්භ වීමත් සමඟ මෙසේ මිල ඉහළ ගොස් ඇති බව පවසයි.

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

එය මේ වනවිට නිෂ්කාශනය කර ඇති වාහනවලින් 90%ක් පමණ අධිභාරයට යටත් නොවන ණයවර ලිපි යටතේ ආනයනය කළ ඒවා බවද ඔහු පවසා ඇත.

එමෙන්ම ඉදිරියේදී නව බදු ක්‍රමයට යටත් තවත් වාහන තොග වෙළඳපොළට පැමිණීමත් සමඟ වාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බවටයි වාහන ආනයනකරුවන් අනතුරු අඟවන බව සඳහන්.

එමෙන්ම වාහන මිල ස්ථාවර කිරීමට නැවත නැවතත් අධිභාර පැනවීම වෙනුවට බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, ණයවර ලිපි නියාමනය කිරීම සහ ස්ථාවර බදු අනුපාත හඳුන්වාදීම වැනි විකල්ප ක්‍රියාමාර්ග සලකා බැලිය යුතු බවද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන බව වාර්තා වේ.

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි