දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය හෙට දක්වා කල් තබයි

Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (04) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සම් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (03) පෙරවරුවේ සිට දීර්ඝ ලෙස විභාගයට ගන්නා ලදී.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් පෙත්සම් 15ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

‘කුඩු සලිඳු’ගේ නඩු ගොනු දෙක අතුරුදන්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

‘කුඩු සලිඳු’ගේ නඩු ගොනු දෙක අතුරුදන්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

එම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද විවෘත අධිකරණයේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මඟින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම ස්වෛරී අධිකරණ බලය ද බරපතල ලෙස කප්පාදු වන බවයි.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත පවතින ආකාරයෙන්ම සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකට අමතරව එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

රටේ ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වූ නොරොච්චෝලය දැවැන්ත අර්බුදයක - පාරිභෝගික විදුලි ගාස්තුවට රතු එළියක්

රටේ ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වූ නොරොච්චෝලය දැවැන්ත අර්බුදයක - පාරිභෝගික විදුලි ගාස්තුවට රතු එළියක්

අද දිනට නියමිත පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ වාචික දේශන අවසන් කෙරුණු අතර, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයේ වැඩිදුර දේශන හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.