සියලුම පොලිස් නිලධාරීන්ට සුබ ආරංචි රැසක් - නව දීමනාවක්, අලුත් නිල ඇඳුමක් සහ නව උසස්වීම් ක්‍රමවේදයකුත්

Report

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 1,489 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 153 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2026 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සේවා පදනම මත ලබාදෙන මෙම උසස්වීම් සංකේතවත් කරමින් නිලධාරීන් 20 දෙනෙකු වෙත උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (03) දින සිදු කර ඇත.

මෙම උසස්වීම් ප්‍රදානය ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සර සැමරුම් උත්සවය සිදුකෙරුණු තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත් වුණා.

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

එසේම මෙහිදී පොලීසිය සහ මහජනතාව අතර තොරතුරු හුවමාරුව විධිමත් කිරීම සහ ජනතා සේවාවන් කාර්යක්ෂම හා කඩිනම් කිරීමේ අරමුණින් SRI LANKA POLICE Mobile App හඳුන්වාදීම සහ නවීකරණය කළ www.police.lk නිල වෙබ් අඩවිය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ පොලීසිය වඩාත් ගෞරවාන්විත හා නවීන මහජන සේවාවක් බවට පත් කිරීම සඳහා නව උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වාදීමටද කටයුතු කරන බවයි.

එසේම ලබන වසරේ මැද භාගය පමණ වනවිට පොලිස් නිලධාරීන් වෙනුවෙන් නව නිල ඇඳුමක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත්, සියලු නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබාදීම, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත් බඳවා ගැනීම සඳහා පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවති මෙම උත්සවයේදී සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

ආයේ වාහනයක් ගැන හිතන්නවත් වෙන්නෑ.. වාහන මිල යළිත් අහස උසට - මේ වාහන මාදිලිවල මිල රු. මිලියන 4.5ක් දක්වා ඉහළට

ආයේ වාහනයක් ගැන හිතන්නවත් වෙන්නෑ.. වාහන මිල යළිත් අහස උසට - මේ වාහන මාදිලිවල මිල රු. මිලියන 4.5ක් දක්වා ඉහළට

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි