‘කුඩු සලිඳු’ගේ නඩු ගොනු දෙක අතුරුදන්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සලිඳු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු දෙකකට අදාළ නඩු ගොනු අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් දසදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා සඳහන් කළේ, ප්‍රකාශ ලබාගත් පිරිස අතර කාන්තා නිලධාරිනියන් හත්දෙනෙකුද සිටින බවයි. නඩු ගොනු අස්ථානගතවීම සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පෙරේදා (1) පානදුර දකුණ මූලස්ථාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

අතුරුදන් වී ඇත්තේ ‘කුඩු සලිඳු’ගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදු වූ බව කියන මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළ ගොනුවක් බව සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් පසුගිය 28 වැනිදා කැඳවා තිබූ නඩුවකට අදාළ වාර්තාව සොයාගත නොහැකිවීම හේතුවෙන්, උපගොනුවක් මගින් එය යළි 31 වැනිදා කැඳවීමට කල් තබා තිබේ.

මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID භාරයට

මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID භාරයට

පසුව සිදුකළ සොයාබැලීමේදී අදාළ නඩු ගොනු දෙක අස්ථානගතව ඇති බව අනාවරණය වී ඇත. පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, නඩු ගොනුවල පිටපත් ලබාගැනීම සඳහා ඒවා කාර්යාල කාර්ය සහායකවරයෙකු වෙත භාරදී ලේඛනාගාරගත කර තිබියදී මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ සංකීර්ණයේ සවිකර ඇති CCTV කැමරා පද්ධතියද පරීක්ෂා කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් මත, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් සහ පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ලගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ශිරාන් බාසික් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධය? උණුසුම් පැය කිහිපයකට පසු අරුන්දික CCIBන් පිටව යයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ශිරාන් බාසික් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධය? උණුසුම් පැය කිහිපයකට පසු අරුන්දික CCIBන් පිටව යයි