නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අභියාචනාධිකරණයේ නව විනිසුරුවරියක ලෙස සංජීවනී දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ නිල වශයෙන් දිවුරුම් දුන්නාය.
ඇය මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස සේවය කරමින් දීර්ඝ නීති ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.
අභියාචනාධිකරණයේ දැනට පුරප්පාඩුව පැවති විනිශ්චයකාර ධුරයක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මෙම පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.