මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්
ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) පුද්ගලික සමාගම, 220kV සහ 132kV අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග යට, කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ හෝ ඒ අවට ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම දන්වා ඇත්තේ, සරුංගල් සහ ඒවායේ නූල් විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පැටලීම නිසා අවස්ථා ගණනාවකදීම සම්ප්‍රේෂණ මාර්ග ක්‍රියා විරහිත වීමේ සිදුවීම් වාර්තා වූ බවයි.
එසේම එම නිවේදනයේ දැක්වෙන්නේ මෙවැනි සිදුවීම් විදුලි දෝෂ ඇති කිරීමටත්, සම්ප්‍රේෂණ මාර්ග ස්වයංක්‍රීයව විසන්ධි වීමටත් හේතු විය හැකි බවයි.
එමෙන්ම සම්ප්‍රේෂණ මාර්ගවල පැටලී ඇති සරුංගල් සහ නූල් ආරක්ෂිත හා පාලිත ක්‍රියාපටිපාටි යටතේ මේ වනවිට අතින් ඉවත් කිරීම් සිදුවන බව එම සමාගම දන්වා ඇත.
රටේ ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වූ නොරොච්චෝලය දැවැන්ත අර්බුදයක - පාරිභෝගික විදුලි ගාස්තුවට රතු එළියක්
ඒ හේතුවෙන් මෙවැනි සිදුවීම් ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට සහ ආරක්ෂාවට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවත්, විදුලි ජනන ඒකක ක්‍රියාවිරහිත වීමට හේතු විය හැකි බවත් සඳහන්.
මෙවැනි සිදුවීම් නිසා ඊයේ (2) ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට බලපෑම් ඇති වූ බවත්, පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තෝරාගත් බෙදාහැරීමේ විදුලි පෝෂක කිහිපයක් විසන්ධි කිරීමට සිදුවූ බව අදාළ නිවේදනයේ දක්වා ඇති බව සඳහන්.
එහි ප්‍රතිඵලයක් වශයෙන් එම පෝෂකවලට සම්බන්ධව සිටි ඇතැම් පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ද සිදුව තිබෙනවා.