තාත්තා බීලා හිටියට සර්ට ගහන්න අයිතියක් නෑනේ.. මේ මනුස්සයගේ ලේ බලන්නකෝ.. නෑ මම යන්නෑ.. - තාත්තට ගැහුවට පුතා පොලිසිය දෙවනක් කරයි [VIDEO]

Report

මේ වනවිට සමාජ මාධ්‍ය තුල එක වීඩියෝ පටයක් ලැව්ගින්නක් මෙන් ව්‍යාප්ත වෙයි. සමාජ මාධ්‍ය වල වාර්තා වන තොරතුරු වලට අනුව පුද්ගලයෙක් සිය හැඳුනුම්පත ළඟ නොතිබූ වරදට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන ආකාරයට අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර හෘදයාබාධය රෝගයකින් පීඩා විදින මෙම පුද්ගලයාට පහර දීමක් සිදුව ඇත.

පෙරපාසල් දරුවගේ ඇඳුම ගලවලා ගහලා - බයට හෘදයාබාධයෙන් දරුවා මියගිහින් - CCTV නිසා ගුරිවරිය අතටම මාට්ටු

පෙරපාසල් දරුවගේ ඇඳුම ගලවලා ගහලා - බයට හෘදයාබාධයෙන් දරුවා මියගිහින් - CCTV නිසා ගුරිවරිය අතටම මාට්ටු

පසුව තම පියාට සිදු වූ මෙම අසාධාරණය වෙනුවෙන් එම පුද්ගලයාගේ පුත්‍රයා පොලිස් ස්ථානයට ගොස් සජීවී (Live) සිද්ධිය විඩියෝ ගත කර ඇත. මෙම වීඩියෝ පටය මේ වනවිට සමාජ මාධ්‍යයේ විශාල රැල්ලක් මෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

නමුත් අදාළ සිද්ධිය පිළිබඳව නිශ්චිත කරුණු තවමත් හෙළි වී නොමැති අතර පොලිසිය පාර්ශවයෙන්ද තවමත් අදාළ වීඩියෝ දර්ශනය පිළිබඳව ප්‍රකාශයක් දී නොමැත. ඉහත කි කරුණුද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත් පමණක් වන අතර අදාළ ගැටලුවේ තොරතුරු තවමත් හෙළි වී නොමැත.

ඇපල් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ඇපල් පිස්සන්ට පිස්සු හැදෙන ආරංචියක්

ඇපල් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ඇපල් පිස්සන්ට පිස්සු හැදෙන ආරංචියක්

වැඩිදුරටත් රූපවාහිනී මාධ්‍ය සඳහන් කර ඇත්තේ මේ පිළිබඳවකළ විමසීමක දී අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ, මෙම පුද්ගලයා එම මොහොතේ බීමතින් සිටි බවත් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඇද වැටී තුවාල ලැබු බවත් මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ඔහු ප්‍රතිකාර ලබන බව හා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.

දැයෙන් සමුගත් යශෝරාවිය නන්දා මාලනිය ගැන හඳ කම්පා කරවන පුවතක්

දැයෙන් සමුගත් යශෝරාවිය නන්දා මාලනිය ගැන හඳ කම්පා කරවන පුවතක්

එසේම අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ පුත්‍රයා විසින් තම පියාට පහර දී ඇති බවට චෝදනා සිදු කරන නමුත් කිසිඳු අයුරකින් පහර දීමක් සිදු නොවූ බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කල බවයි.

අදාල වීඩියෝ දර්ශනය පහතින්,