ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ
‘පුනරුදයට පුරවර’ තේමාව යටතේ ආරම්භ වූ පළාත් පාලන සතියට සමගාමීව නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක් සිදුවිය.
ඒ අනුව බගවන්තලාව ශ්‍රී තේන්ඩායුධපානි කෝවිල් ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්වූ අතර, එය නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර ඇත.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති නඩරාජාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඡායාරූප එම අවස්ථාවේදීම ලබාගෙන තිබෙන බවත් සඳහන් වේ.
අනතුරුව එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ ලබාදීමට ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇති බවද වාර්තා වේ.