රටේ බලශක්ති අර්බුදය සහ සහල් හිඟය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්
වෙළඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් එළඹෙන මහ කන්නය තෙක් රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බවට ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ, රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය සතු බවයි.
එසේම වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි ආදේශක සහල් තොග ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.
වර්තමානයේ පවතින මැද පෙරදිග යුද්ධය නිසා රටේ බලශක්ති අර්බුදයක් ඇතිව තිබෙන බව ද සඳහන් කළ ඔහු අවධාරණය කර සිටියේ තවදුරටත් යුද ගැටුම් ඇති වුව ද අපනයන ආදායම හා සංචාරක ව්‍යාපාරය දියුණුකරමින් ඩොලරය ඉහළ යාමෙන් රටේ ආර්ථිකය කඩා වැටීමට වත්මන් රජය ඉඩ නොතබන බවයි.
ඉකුත් මහ සහ යල කන්නයට පොහොර ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කළා මෙන් එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට ද මේ වන විට රජය කටයුතු කරමින් සිටින බවත් පොහොර සහනාධාරය, රුපියල් තිස්දහස දක්වා වැඩිකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එමෙන්ම වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ රටේ කීරි සම්භා හිඟය හේතුවෙන් ඇතිවූ මිල ඉහළයාම පාලනය කිරීමට මේ වසරේදී ආදේශක සහල් පමණක් ආනයනය කිරීමට කටයුතු කළ අතර ගොවියා සහ පාරිභෝගිකය ආරක්ෂා කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණ ගන්නා බවයි.