ජනතාවට විශේෂ නිවේදනයක් - මේ කාන්තාව හඳුනයි නම් හෝ තොරතුරු දන්නවා නම් වහාම දන්වන්න [PHOTO]
ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන මේ වන විට ලෙබනනයේ පදිංචිව සිටින බවට විශ්වාස කෙරෙන කාන්තාවක් හඳුනා ගැනීමට සහාය ලබා දෙන මෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම කාන්තාව "රාහ්මා" වශයෙන් හඳුන්වන බවත්, ඇයගේ අනන්‍යතාවය සහ පවුලේ තොරතුරු තවමත් තහවුරු කර නොමැති බවත් ය.
එබැවින් අඳාළ කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු දන්නා ඕනෑම අයෙකු බත්තරමුල්ල, සුහුරුපායේ 16 වන මහලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය අමතන්න මෙන් එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
එසේම මහජනතාවට පහත දුරකථන අංකයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ලබා දිය හැකි බව දන්වයි.
දුරකථන අංකය - +94 11 227 5525
විද්‍යුත් තැපෑල consular@mfa.gov.lk
මේ අතර පරීක්ෂණයට අදාළව ලැබෙන සියලු තොරතුරු දැඩි රහස්‍යභාවයකින් යුතුව සලකන බවට ද අමාත්‍යාංශය සහතික වේ.