ඉදිරියට දළදා පෙරහැරේ අලි ඇතුන් නෑ විශේෂ අනාවරණයක්

Elephant Buddhism Kandy Perahera Sinhala news
By Mithu Jul 16, 2025 04:40 PM GMT
Mithu

Mithu

Report

ඇසළ පෙරහර සඳහා වාර්ෂිකව අලි ඇතුන් විශාල ප්‍රමාණයක් එක් වන අතර ඉදිරියේදී තත්ත්වය වෙනස් වීමට ඇති අවදානමක් පිළිබඳව සඳහන් වේ.

මෙන්න රජයෙන් අලුත්ම වැඩක් - TikTok එකෙන් අධ්‍යාපනය දෙන්න යන්නේ

මෙන්න රජයෙන් අලුත්ම වැඩක් - TikTok එකෙන් අධ්‍යාපනය දෙන්න යන්නේ

ඒ අනුව මෙරට සාම්ප්‍රදායික පෙරහැර මංගල්‍යයන් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන හීලෑ අලි ඇතුන් හිගය සම්බන්ධයෙන් බලධාරීන්ට කොතෙක් සංදේශ ඉදිරිපත් කළත් පලක් වී නොමැති බවත් තවත් වසර 10-15ක් පමණ කාලයක් යන විට මහනුවර ඇසළ පෙරහර සඳහා අලි ඇතුන් අටකට පමණ සීමා වනු ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි නායක හිමිවරුන්ගේ සහ සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක නිලධාර්න්ගේ සහභාගිත්වයෙන් පැවති පෙරහර සාකච්ඡාවේදී නිලමේවරයා ඒ බව අවධාරණය කළේය.

එහිදී දියවඩන නිලමේවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම අලි ඇතුන්ගේ ගැටලුවට කෙටිකාලීන සහ දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍ය කරන බවයි. 

හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ට මරණ දඩුවම

හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ට මරණ දඩුවම

බලධාරීන් විසින් අලි ඇතුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට සැරසෙන විට විවිධ සංවිධාන සහ සමාජ මාධ්‍ය මගින් පතුරුවා හරිනු ලබන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් එම කටයුතු ඇණ හිටින බවද අවධාරණය කළේය. සංස්කෘතික උත්සව කටයුතු සඳහා අලි ඇතුන් අතීතයේ සිට එකතු කරගෙන ඇති බව අවධාරණය කළ දියවඩන නිලමේවරයා අනාගතයේදී එවැනි කටයුතු සිදුකිරීම අපහසු වී ඇති බවත් එය ඉතා සෝචනීය තත්වයක් බවද පැවසීය.

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

ReeCha