ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

Report

ඇමෙරිකාවේ "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත්, ඇමරිකානු ඇඟලුම් ගැනුම්කරුවන් සිය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහන ලබා ගත් රටවල් වෙත යොමු වීමේ අවදානමක් තිබෙන බව ඇඟලුම්කරුවෝ පවසති. මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.       

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ වියට්නාමයට සියයට 20 ක තීරුබදු ප්‍රතිශතයක් පැනවී තිබීමත්, ඉන්දියාවට සියයට 20 ට වඩා අඩු තීරු බදු ප්‍රතිශතයක් පැනවෙනු ඇතැයි අපේක්ෂා කිරීමත් හේතුවෙන් මෙරටට පනවා ඇති සියයට 30 තීරු බද්ද අඩුකර ගැනීමට උපරිම උත්සාහ කළ යුතු බව ඇඟලුම් කරුවෝ ප්‍රකාශ කළහ. 

ජ්‍යෙෂ්ඨ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව යනු මෙරට ප්‍රධාන ඇඟලුම් වෙළෙඳපොළ බවත් එය එක් රැයකින් ආදේශ කළ නොහැකි බවත්ය. ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රකාශ කර තිබුණේ ජනපති ට්‍රම්ප් මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද එළැඹෙන 1 වැනිදාට පෙර අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එලෙස අඩුකර ගැනීමට නොහැකි වුවහොත් ඉන් ඇඟලුම් කර්මාන්තයට අවදානමක් එල්ල විය හැකි බවත්ය.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ඉන්දියාව සහ ඇමෙරිකාව අතර එළැඹීමට නියමිත වෙළෙඳ ගිවිසුම හේතුවෙන් "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ සියයට 20ට වඩා අඩු තීරු බද්දක් ඉන්දියාවට පැනවෙනු ඇතැයි වාර්තා පළවී තිබෙන බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට විශාලතම අවදානම ඉන්දියාවෙන් එල්ල වනු ඇති බවත් ඇඟලුම්කරුවෝ ප්‍රකාශ කළහ.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන