සුදු වෙන්න දගලන හැමෝටම විශේෂ වෛද්‍ය උපදෙසක්

Report

කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට විසින් සම සුදු වීමට එන්නතක් හෝ මල්ටිවිටමින් වර්ගයන් ලොව කොතැනකවත් නැති බව ප්‍රකාශ කරයි.

එසේම ඇය පවසා සිටියේ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන වැටලීම් සිදුකරන විට අත්අඩංගුවට ගන්නා එවැනි එන්නත් හා මල්ටිවිටමින් වර්ගවල ඇසුරුමේ සඳහන් කර ඇති කේත අංකයන් (QR) ක්‍රියාත්මක නොවන බවද සිදු කරන ලද පරික්ෂා කිරීම්වලදී තහවුරු වී තිබෙන බවයි.

මේ අතර ඇය විශේෂයෙන් අවධාරණය කර සිටියේ රූපලාවණ්‍ය ආයතන නිලධාරියකුට හෝ නිලධාරිනියකට පටක තරල ප්‍රතිකාරයන් හෝ එන්නත් කිරීමට නීතියෙන් අවසර නොමැති බවයි.

පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි

පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි

එසේම ඔවුන්ට කළ හැක්කේ මතුපිට සමට සිදුකරන සත්කාරයන් පමණක් යැයිද සඳහන්.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියෙ සම ඉක්මනින් සුදු කර ගැනීමට යැයි සිතා රසදිය බොහෝ සේ අන්තර්ගත ආලේපනයන් භාවිත කිරීම නිසා සමට සිදුවන හානිය යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි තරම් බරපතළ වි ඇති බවත් එය දිනෙන් දින වැඩිදියුණු වන බවත් ය.

එසේම ඇය වැඩිදුරටත් සඳහන් කළේ ආලේපනයන් භාවිත කර සමේ කළු පැහැති හෝ දුඹුරු පැහැති ලප මතුවීම, සම ඉරීම, නියපොතු දුඹුරු පැහැ ගැන්වීම වැනි කෙටි කාලීන හානි පෙන්නුම් කළ ද දිගුකාලීන හානි වාර්තාවීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇති බවයි.

ආයේ පලතුරු කන්න බැරිවෙයි

ආයේ පලතුරු කන්න බැරිවෙයි

කොළඹ වසාගත් දරුණු රෝගයක්

කොළඹ වසාගත් දරුණු රෝගයක්