පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි
ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සතු ‘ලෝලියා ස්කින්’ සමාගම විසින් දිවයින පුරා බෙදාහරින ලද රූපලාවන්‍ය ක්‍රීම්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබාගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.
පියුමි හංසමාලි අලෙවි කළ ක්‍රීම් අවශ්‍ය ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලීද යන්න තීරණය කිරීම සඳහා ඒවා නිෂ්පාදනයට අවසර ලබාගෙන තිබේදැයි සොයාබැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.
සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරමින් දේශපාලනඥයන් සහ අනෙකුත් බලගතු පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වා ගනිමින් කෙටි කාලයක් තුළ පියුමි හංසමාලි නීතිවිරෝධී ලෙස මිලියන ගණනක් ධනය රැස්ක ඇති බවට ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලක් මත පදනම්ව විමර්ශනය ආරම්භ කර තිබේ.