ආයේ පලතුරු කන්න බැරිවෙයි

Report

පෑලියගොඩ පලතුරු වෙළඳ සංගමයේ සභාපති සුරංග ප්‍රීතිලාල් පීරිස් පවසන්නේ මේ දිනවල පලතුරු තොග මිල ඉහළ ගොස් ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අඹ රුපියල් 400ත් - 500ත්, අල්පොන්සො අඹ රු.1000ක්, දිවුල් රුපියල් 280ත් - 300ත්, බෙලි රුපියල් 500ත් - 600ත්, පැෂන් රුපියල් 400ක් හා අලි පේර රුපියල් 500ත් - 600ත් අතර මිලකට කිලෝව අලෙවි වන බවයි.

පාසල් වැසේ ළමුන් 6000ක් ලෙඩ වෙයි

පාසල් වැසේ ළමුන් 6000ක් ලෙඩ වෙයි

සභාපතිවරයා පවසන ආකාරයට ගොවියන්ට වගාවට යන වියදම් හා ප්‍රවාහන වියදම් අධික වීම හේතුවෙන් මෙලෙස පලතුරු මිල ඉහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් තමන්ට වෙළඳාම අඩු වී ඇති බවත්ය.

එමෙන්ම පාරිභෝගිකයාට අතට පත් වන විට මෙම පලතුරු මිල තවත් ඉහළ යන බැවින් සාමාන්‍ය ජනතාව පළතුරු මිල දී ගැනීමේ දී දැඩි අපහසුතාවයට පත් වන බව ද වාර්තා වේ.

ඒ ගෙදර මගේ නෙමෙයි - ගෝඨාභයගෙන් සටහනක්

ඒ ගෙදර මගේ නෙමෙයි - ගෝඨාභයගෙන් සටහනක්