දරුවන්ව මේ වැරදි වැඩවලට යොදාගත්තොත් වැඩ වරදියි - ළමුන්ගේ ආරක්ෂාවට සමාජ මාධ්‍යයටත් නව නීති

Report

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව නීති රීති හඳුන්වාදීමට පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.

සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයන් සඳහා යොදාගැනීම සහ දරුවන් ලිංගිකව නිරාවරණය වන අන්තර්ගතයන් නිර්මාණය කිරීම වැනි ක්‍රියාකාරකම් දක්නට ලැබෙන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය හෝ ආදායම අපේක්ෂාවෙන් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීම බරපතළ ගැටලුවක් බව ද ඇය අවධාරණය කළාය.

දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට - පහත්බිම්වල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට - පහත්බිම්වල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම දෙමාපියන්ගේත් වගකීමක්

දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීමට දෙමාපියන්ට පවා අයිතියක් නොමැති බව අමාත්‍යවරිය සඳහන් කළාය.

දරුවෙකු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත් කිරීම සම්බන්ධ තීරණය දරුවාගේ වයස සහ පරිණතභාවය සැලකිල්ලට ගනිමින් ගත යුතු බව ද ඇය ප්‍රකාශ කළාය.

දෙමාපියන්ගේ වගකීම් විරහිත සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව බරපතළ ලෙස අවදානමට ලක්වන්නේ නම්, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ආරක්ෂිත භාරකාරත්වය යටතට පත් කිරීම වැනි පියවර ගැනීමට ද සිදුවිය හැකි බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

දරුවන්ට හිතකර මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් මාර්ගෝපදේශ

දරුවන්ට හිතකර මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් විශේෂඥ මණ්ඩලයක් මගින් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව කටයුතු කර තිබේ.

එම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වනඅලි ගැන තවත් සංවේදී පුවතක් - අනාරක්ෂිත විදුලි රැහැනක් අලි දෙදෙනකුට මරු කැඳවයි

වනඅලි ගැන තවත් සංවේදී පුවතක් - අනාරක්ෂිත විදුලි රැහැනක් අලි දෙදෙනකුට මරු කැඳවයි

විදේශ රටවලත් නීතිමය පියවර

සමාජ මාධ්‍ය තුළ දරුවන් වාණිජමය අරමුණු හෝ ජනප්‍රියත්වය වෙනුවෙන් යොදාගැනීම ‘Kidfluencing’ ලෙස හැඳින්වේ.

එවැනි ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ප්‍රංශය සහ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශවල ද නීතිමය පියවර ගෙන තිබේ.

දරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ උපයන ආදායමෙන් කොටසක් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීම සහ එවැනි කටයුතු සඳහා දරුවන් යොදාගත හැකි කාලය සීමා කිරීම එම පියවර අතරට ඇතුළත් වේ.

මෙවැනි ජාත්‍යන්තර ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව තුළ ද සමාජ මාධ්‍ය භාවිතයේදී දරුවන්ගේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා නව නීතිමය සහ මාර්ගෝපදේශමය රාමුවක් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්- හෙට රාත්‍රී 11.30 දක්වා බලාත්මක වන පරිදි අකුණු අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්- හෙට රාත්‍රී 11.30 දක්වා බලාත්මක වන පරිදි අකුණු අනතුරු ඇඟවීම්