ශ්‍රී ලංකාව විසින් පාකිස්තාන මුල්පෙළ පිතිකරුවන් වනසයි - ශ්‍රී ලංකා අභියෝගය හමුවේ පාකිස්තානය අසීරු අඩියක

Report

ශ්‍රී ලංකාව විසින් පාකිස්තාන මුල්පෙළ පිතිකරුවන් වනසයි - ශ්‍රී ලංකා අභියෝගය හමුවේ පාකිස්තානය අසීරු අඩියක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසුණහ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයේදී පාකිස්තාන කණ්ඩායම දැඩි අසීරුතාවකට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ ලකුණු 64ක් ලබා සිටියදී කඩුලු 6ක් අහිමි කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාකිස්තාන පිතිකරුවන්ට ලකුණු රැස් කිරීම ද අසීරු වී තිබේ.

''පාකිස්තානයේ අපරාජීත ජය රැල්ල නවත්වන්න ශ්‍රී ලංකාවට හැකි වෙයිද?'' - තුන්කොන් සටන ලාහෝර්හිදී ගඩාෆි ක්‍රීඩාංගණයේදී

''පාකිස්තානයේ අපරාජීත ජය රැල්ල නවත්වන්න ශ්‍රී ලංකාවට හැකි වෙයිද?'' - තුන්කොන් සටන ලාහෝර්හිදී ගඩාෆි ක්‍රීඩාංගණයේදී

අවසන් පන්දුවාර පහ තුළ පාකිස්තානයට රැස්කරගත හැකිව ඇත්තේ ලකුණු 18ක් පමණක් වන අතර, එම කාලය තුළ කඩුලු තුනක් ද බිඳ වැටී ඇත.

බාබර් අසාම් සහ සල්මාන් ආගාත් දැවී යයි පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් ලකුණු 29ක් රැස්කර සිටියදී එෂාන් මාලිංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර පහක් ඇතුළත් විය. සල්මාන් ආගා ලකුණු 9කට දැවී ගියේ සහන් ආරච්චිගේගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

ඉන් අනතුරුව ශාදාබ් ඛාන් ද ලකුණු 2කට දැවී ගියේ සහන් ආරච්චිගේගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා වූ කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබා දෙමිනි.  

ලෝක ක්‍රිකට් පිටිය හොල්ලපු ශ්‍රී ලංකාවේ අසහාය ශ්‍රේෂ්ඨයාගේ උපන්දිනය - කුමාර් සංගක්කාරට සුබ උපන්දිනයක්

ලෝක ක්‍රිකට් පිටිය හොල්ලපු ශ්‍රී ලංකාවේ අසහාය ශ්‍රේෂ්ඨයාගේ උපන්දිනය - කුමාර් සංගක්කාරට සුබ උපන්දිනයක්