ගංවතුරින් විපතට පත්වුවන් මුදවා ගැනීමට හමුදාවෙන් සහන
මන්නාරම දිස්ත්රික්කයේ මාන්තෙයි බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කූරෙයි ග්රාම නිලධාරී වසමේ ඉහළ යමින් පවතින ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ සහන මෙහෙයුම් ශ්රී ලංකා යුද හමුදාව විසින් ඊයේ (26) ආරම්භ කර තිබේ.
ඒ අනුව, ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 70කට අයත් පුද්ගලයන් 163 දෙනෙකු ඉලුප්පුකඩවායි රජයේ පාසලේ ස්ථාපිත තාවකාලික ආරක්ෂිත මධ්යස්ථානය වෙත ආරක්ෂිතව ඉවත් කිරීමට යුද හමුදා භට පිරිස් පියවර ගෙන ඇත.
එම ආරක්ෂිත මධ්යස්ථානයේ රැඳී සිටින පීඩාවට පත් ජනතාව සඳහා අවශ්ය පිසූ ආහාර සහ අනෙකුත් අත්යවශ්ය සහන පහසුකම් සැලසීමට ද යුද හමුදාව කටයුතු යොදා තිබේ.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං