න්යෂ්ටික බෝම්බ පිපිරීමක් ගැන ඉඟියක්? අද දින තීරණාත්මකයි - ට්රම්ප්ට යන්න තව අවුරුදු දෙකයි ඊට කලින් අපිට අවශ්ය දේවල් ඉටුකරගත යුතුයි
අද (27) දින ඊශ්රායලයේ මැතිවරණය පැවැත්වෙමින් තිබේ. මෙම මැතිවරණයෙන් ඊශ්රායල වර්තමාන අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජයග්රහණය කළහොත්, ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්රායලය ආරම්භ කළ යුද්ධය යළි ආරම්භ කිරීමට ඉඩ ඇති බවට ඔහු ඉඟි කර ඇත. විදෙස් මාධ්ය වාර්තා කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ආරම්භ කළ කාර්යය අවසන් කළ යුතු බවට ප්රකාශ කිරීමෙන් අනතුරුව නෙතන්යාහු මේ බව සඳහන් කර ඇති බවයි.
ට්රම්ප් සිය Truth Social සමාජ මාධ්ය ගිණුමේ පසුගිය ඉරිදා පළ කළ සටහනකින් ඉල්ලා සිටියේ, අගමැති ධුරය සඳහා බෙන්ජමින් නෙතන්යාහුට ඡන්දය ලබාදෙන ලෙසයි.
“අප ආරම්භ කළ කාර්යය අවසන් කළ යුතුයි” යනුවෙන් ද ට්රම්ප් එහි සඳහන් කර ඇත. එමෙන්ම ඉරානයෙන් එල්ල වන තර්ජනය අවසන් කිරීම සඳහා තීරණාත්මක ක්රියාමාර්ග ගැනීමට ට්රම්ප් සූදානම් බවත් එවැනි ක්රියාමාර්ග ගැනීම නෙතන්යාහු තවදුරටත් බලයේ රැඳී සිටීම මත රඳා පවතින බවටත් නෙතන්යාහු ප්රකාශ කර ඇත.
ඉරාන පාලන තන්ත්රය බිඳ දැමීම සඳහා ඊශ්රායල බුද්ධි අංශයට සහ හමුදාවට තමන් දැනටමත් උපදෙස් ලබාදී ඇති බව ද නෙතන්යාහු සඳහන් කර ඇති අතර තර්ජනය අවසන් කිරීමට ඇති එකම මාර්ගය ඉරාන පාලන තන්ත්රය බිඳ දැමීම බව ඔහු පෙන්වා දී ඇත.
මේ අතර, ඉතා අසීරු තත්ත්වයන් යටතේ වුවද නෙතන්යාහු ඉතා හොඳ කාර්යයක් ඉටුකර ඇති බව තමන් විශ්වාස කරන බව ට්රම්ප් ප්රකාශ කර තිබේ. අද දින මේ වනවිට ක්රියාත්මක වන මැතිවරණ ප්රතිපල ඉදිරියේදී සිදුවීමට නියමිත යුද්ධයේදී විශාල බලපෑමක් කිරීමට නියමිතය.
එමෙන්ම අද දින මැතිවරණයට දින දෙකකට පෙර, අගමැති බෙන්ජමින් නෙතන්යාහු ටෙල් අවිව්හි න්යෂ්ටික පිපිරීමක් නිරූපණය කරන AI රූපයක් සමාජ මාධ්යවල බෙදා ගත් අතර, ඉරානයෙන් එන "පැවැත්මේ තර්ජනයකට" එරෙහිව සටන් කිරීමට ඊශ්රායලය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක භාවිතා කළ යුතු බව පැවසීය.
නෙතන්යාහුගේ සටහනේ ඇති රූපයේ ජනාකීර්ණ නගරයක් මත විශාල හතු වලාකුළක් නැඟී එන ආකාරය පෙන්නුම් කළ අතර "ඉරානය සම්බන්ධ කටයුතු අවසන් කිරීමට අපට ට්රම්ප්ගේ පාලන කාලයෙන් තවත් වසර දෙකක් ඉතිරිව ඇත.ඉන්පසු කුමක් සිදුවේදැයි කිව නොහැක. එය කමලා හැරිස් හෝ වෙනත් සාමාන්ය මට්ටමේ පුද්ගලයෙකු විය හැකිය.ඉදිරි වසරවලදී අපගේ භෞතික පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අවශ්ය කටයුතු සම්පූර්ණ කිරීමට අපට ඉතිරිව ඇත්තේ මෙම කාල පරාසය පමණි. රාජ්ය සතු සියලු සම්පත් මෙම මෙහෙයුම වෙනුවෙන් යෙදවිය යුතුය," යැයි නෙතන්යාහු එම සටහනට තවදුරටත් එක් කර තිබුණි.
බෙන්ජමින් නෙතන්යාහු ටෙල් අවිව්හි න්යෂ්ටික පිපිරීමක් නිරූපණය කරන AI රූපයක් සමාජ මාධ්ය මගින් බෙදා ගැනීම ඉදිරියේදී සිදුවීමට නියමිත න්යෂ්ටික පිපිරීමකට ඉඟියක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. අද දින ඊශ්රායලය මැතිවරණය සිදුවනවා මෙන් නොවැම්බර් 3 වන දින ඇමරිකා එක්සත් ජනපදයේද මැතිවරණය පැවැත්වීමට නියමිතය. මෙම මැතිවරණයන් දෙකෙහි ප්රතිපල අනිවාර්යයෙන්ම ලෝකයේ දරුණු බලපෑම් එල්ල කිරීමට සමත් වන බව පැහැදිලිය.
අදාළ පොස්ටුව පහතින්,
תקראו את הדברים החשובים של יובל בלומברג: מדינת ישראל נמצאת בסכנה קיומית אמיתית ומוחשית. אם האיראנים ישיגו גרעין, שום דבר כבר לא ישנה יותר. הכל כל כך טפל אל מול הסכנה הקיומית של איראן והציר השיעי. הסערות המבוימות והמומצאות חדשות לבקרים נועדו להסיט את תשומת הלב מהדבר האחד שהוא החשוב ביותר: סיום העבודה באיראן. זה נוגע בקיום הפיזי של כל אדם ואדם כאן. יש לנו עוד שנתיים של טראמפ לסיים את העבודה באיראן, ואין לדעת מה יהיה לאחר מכן, אם זו תהיה קמאלה האריס, או תואם מאמדני כלשהו. זה חלון הזמן שנותר לנו כדי להשלים את העבודה הנדרשת כדי להבטיח את הקיום הפיזי שלנו לשנים הבאות. כל משאבי המדינה הנדרשים, צריכים להיות מושקעים במשימה הזו. קטאר, חרדים, אוריך, גיוס, התראות. הכל מסך עשן ענקי כדי להסתיר את הנושא היחיד שניצב מעל כולם בפער. אם יפלו במרכז הארץ שתי פצצות אטום, את מי יעניינו כל סערות הסרק האלה? הדורות הבאים לא יסלחו לנו אם נפספס את חלון ההזדמנויות ההיסטורי שמאפשר לנו לנסות ולהשלים את המשימה הקריטית ביותר שעומדת בפני הדור שלנו. זה לא יקרה עם ראש ממשלה שמוחזק בצווארו על ידי האחים המוסלמים וסייעני הטרור. זה לא יקרה עם ראש ממשלה שלא מסוגל להרים את הטלפון ולנהל שיחה אינטימית רציפה עם טראמפ. זה לא יקרה עם ראש ממשלה שלא מסוגל לעמוד בלחץ של ראיון טלויזיה. השינאה לנתניהו, ככל שהיא עולם ומלואו עבור מחנה שלם, לא תעזור מול הגרעין האיראני. כל אחד שדואג לקיום הפיזי שלו, של משפחתו, ושל אהוביו, ידו צריכה לרעוד לפני שהוא בוחר במישהו שלא יהיה מסוגל להשלים את המשימה, ובכך לדון את עצמו ואת משפחתו לסכנה של שואה שניה, בגלל השינאה הפוליטית שלו או בגלל סערת דמה מטופשת וחסרת חשיבות.
— Benjamin Netanyahu - בנימין נתניהו (@netanyahu) October 25, 2026