'ඔර්නාබ්' සුළි කුණාටුවෙන් ගංගා කිහිපයක ජල මට්ටම් අඩු මට්ටමකට - අනතුර තවමත් පහව ගොස් නෑ
'ඔර්නාබ්' සුළි කුණාටුවේ බලපෑමෙන් ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගිය ප්රධාන ගංගා කිහිපයක ජල මට්ටම් මේ වන විට අඩුවෙමින් පැවතියද, එහි අවදානම තවමත් පහව ගොස් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා සඳහන් කළේ, සුළි කුණාටුවේ සෘජු බලපෑමක් නොතිබුණද අධික සුළං සහ වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, මාතර, බස්නාහිර, වයඹ, සබරගමුව මෙන්ම නුවර සහ නුවරඑළිය දිස්ත්රික්ක වැඩිම බලපෑමට ලක්වූ බවයි.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං
පසුගිය පැය 24 තුළ ගිං, කැලණි, අත්තනගලු ඔය සහ මහ ඔයේ ඉහළ ධාරා ප්රදේශවලට මෙන්ම මහවැලි ගඟේ ඉහළ ප්රදේශවලට මිලිමීටර් 125-150 අතර වැසි ලැබීමෙන් ගංගා කිහිපයක ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, නිල්වලා ගඟේ අකුරැස්ස සහ පහළ ප්රදේශවලත්, අත්තනගලු ඔයේ ධූනමලේ ප්රදේශයේත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර, කැලණි ගඟේ කිතුල්ගල සහ හංවැල්ල ප්රදේශ යටවූවද මේ වන විට ජල මට්ටම අඩුවෙමින් පවතී.
''පුද්ගලයන් 38 දෙනෙකු ඝාතනය කර ආහාරයට ගත් බවට සැකකරුවෙකු අත්ඩංගුවට'' - හදවත සසළ කරන පුවතක් උගන්ඩාවෙන්
එමෙන්ම කළු ගඟේ රත්නපුර ප්රදේශයේ ජල මට්ටම අඩුවෙමින් පැවතුණද, මිල්ලකන්ද සහ කළුතර පහත්බිම්වල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතී.
අද දිනයේදීත් වැසි සහිත කාලගුණයක් පැවතුණහොත් අවදානම් තත්ත්වයක් නිර්මාණය විය හැකි බැවින්, පහත්බිම්වාසී ජනතාව දැඩි අවධානයෙන් සහ පූර්ව සූදානමකින් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.