''පුද්ගලයන් 38 දෙනෙකු ඝාතනය කර ආහාරයට ගත් බවට සැකකරුවෙකු අත්ඩංගුවට'' - හදවත සසළ කරන පුවතක් උගන්ඩාවෙන්

Report

වසර 15ක කාලයක් තුළ පුද්ගලයන් 38 දෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ආහාරයට ගත් බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු උගන්ඩාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 2010 සිට 2025 දක්වා කාලය තුළ උගන්ඩාවේ මසාකා, ඉබන්ඩා සහ කාසෝ යන දිස්ත්‍රික්කවලදී මෙම අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බව එරට ආරක්ෂක අංශ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

උගන්ඩාවේ ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා සඳුදා (26) සවස සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැනුම් දී තිබේ.

එහිදී සැකකරු මුජුරිසි මෝසස් (Mujurizi Moses) ලෙස හඳුන්වා දී ඇති අතර, ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ නඩු විභාගයක් පවත්වන බවත්, මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවත් ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

ට්‍රම්ප් නිකී මිනාජ් ගැන කීවේ මොනවාද? - පසුව සමාවත් ඉල්ලයි

ට්‍රම්ප් නිකී මිනාජ් ගැන කීවේ මොනවාද? - පසුව සමාවත් ඉල්ලයි

පවුල් පිටින් ඝාතනය කළ බවට චෝදනා

දේශීය විමර්ශකයන්ට අනුව, සැකකරු වසර ගණනාවක් පුරා සිදුකළ බව කියන ඝාතනවලදී පවුල් පිටින් ඉලක්ක කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

නිවාසවලට බලහත්කාරයෙන් ඇතුළු වී මන්නා පිහිවලින් පහරදී පුද්ගලයන් ඝාතනය කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, පෙන්තකොස්ත දේවගැතිවරයකු වන ස්ටීවන් මුගම්බේගේ නිවසට ඇතුළු වී එහි සිටි සියලු දෙනා ඝාතනය කළ බව කියන සිදුවීමක් ද මෙම චෝදනා අතර වේ.

තවත් අවස්ථාවලදී සබඳතාවක් ඇති කරගැනීමේ පොරොන්දු ලබාදී පුද්ගලයන් රවටා ඝාතනය කළ බවට ද සැකකරුට චෝදනා එල්ල වී තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඔහු අත්අඩංගුවට ගෙන තිබූ බවට වාර්තා පළවුවත්, පසුව පලාගොස් හෝ මතභේදාත්මක තත්ත්වයන් යටතේ නිදහස් වී ඇති බව සඳහන් වේ.

''මරණ දඬුවම යළි එයි! රූ රැජින තරගවලටත් තහනමක්'' - බුර්කිනා ෆාසෝවේ දැඩි තීරණයක්

''මරණ දඬුවම යළි එයි! රූ රැජින තරගවලටත් තහනමක්'' - බුර්කිනා ෆාසෝවේ දැඩි තීරණයක්

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ නිවසින් භෞතික සාක්ෂි සොයාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මෙම චෝදනාවලට සම්බන්ධතා තිබේදැයි සොයා බැලීම සඳහා ප්‍රදේශයේ විසඳී නොමැති අතුරුදන්වීම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ වාර්තා ද විමර්ශනය කරමින් පවතී.

කෙසේ වෙතත්, සැකකරුට එරෙහි චෝදනා අධිකරණ ක්‍රියාමාර්ග හරහා තහවුරු කළ යුතුව තිබේ.

වසර 15කට ආසන්න කාලයක් පුරා සිදුවූ බව කියන මෙම අපරාධ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තොරතුරු සහ රැස්කර ඇති සාක්ෂි පිළිබඳ තොරතුරු තවදුරටත් බලාපොරොත්තු වේ.

සෞදි අරාබියේ රියාද් අගනුවරට ප්‍රහාර - මුළු මැද පෙරදිගම ඇවිලෙයි

සෞදි අරාබියේ රියාද් අගනුවරට ප්‍රහාර - මුළු මැද පෙරදිගම ඇවිලෙයි